
(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
කූමින් සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කායි සිතා ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදි පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් පැවැසීය.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි අගරදගුරුතුමෝ පැවසූහ.
යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වනුයේ ඒ නිසා බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
පාස්කු ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්දැයි තවම කවුරුත් දන්නේ නැතැයි කී අගරදගුරුතුමෝ මිනිසුන් නොයෙකුත් දේ පවසන බවත්, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත් වන්නේ ඒ නිසා බවත් පැවසූහ.
එය කතෝලිකත්වය බව කී අගරදගුරුතුමෝ යලි උත්ථානයවීම යනු වෙනසක් ඉල්ලා අරගල කිරීම යැයි ද කීහ.
වෙනස් කරන්නට උත්සාහ නොකරන ලෙසත් පවතින ක්‍රමයට යාමට දෙන ලෙසත් ඇතැමුන් කීවත් තරුණයින් අරගල කර ලංකාවේ දේශපාලන ආකෘතිය වෙනස් කළ බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔය පහරදීම ඔබ වහන්සේ සහ සාමාන්‍ය ජනතාව විතරයි දන්නේ නැත්තේ... කාගෙද තාත්තත් දැනගෙන හිටියා, පල්ලි යන්න එපා කියලත් කිව්වා එදා...
අපරාධයකට සම්බන්ධ අයට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි...
දැන් කාලයේ අහන්න, දකින්න ලැබෙන දේවල් අනුව වැඩ සිද්දවෙන්නේ වින්දිතයින්ට අගතියක් වෙන්න තමයි. ඔබ වහන්සේසේ එක සිද්ධියක් ගැන විතරයි කියන්නේ මම සාමාන්‍ය දෙයක් කියන්නේ... එක ගොවියෙක් වී අස්වැන්න වේලෙන්න දමා තේ බීමට නිවසට ගිය වෙලාවේ මීහරක් රංචුවක් වී ටික පාගාගෙන ගිහිල්ලා ආපසු එද්දී ගොපල්ලා ඉන්නවා දැකලා වී ටිකේ තිබුණු මඩගුලි අයින් කරන්න කියලා ගොපල්ලා අයිතිකරුට එහෙම කිව්වා කියලා අයිතිකරු මැර කණ්ඩායම් අරගෙන ඇවිල්ලා කඩුවලින් කපාකොටා දවස් 18 ක් සැගවී සිට තියෙනවා. මෙහිදී දරුවෙකුට ගහපු නිසා 1919 ට කියලා හිතෙනවා පොලිසිය ඇවිත් 1919 ට කිව්වා නම් බලාගනිල්ලා කියලා තර්ජනය කරලා කියලයි. ආරංචිය පස්සේ පළාතේ පොලිස්පතිට කිව්වට පස්සේ නීතිවේදීන් රංචුවක් එක්ක ඇවිත් බාරවෙන්නලු... එදිනම ඔවුන් එළියට ගත්තේ හොරහරක් ජාවාරමේ ශක්තිය නිසා වෙන්න ඇති. ඒ නිසා ඕකම අල්ලාගෙන ඉන්නේ නැතුව රටේ අනන්ත සිදුවන මෙහෙම දේවල් ගැනත් අවධානයට ගන්න.
මේ රටෙහි රාජ්‍ය පාලනය සහ යුක්තිය පසිඳලීම ගැන සැලකූ විට බලය, යුක්තිය වනවා මිස යුක්තිය, බලය නොවන බව පසක් වී ඇත.
පාදිලි තුමෝ සියල්ල සිද්ද උනේත් සිද්දවෙන්නෙත් දෙවියන්ගේ කැමැත්තට අනුවයි නේද?
දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරාවි නේද? කාදිනල් තුමා හිතන විදිහට අහිංසක මිනිසුන්ව වරදකරුවන් කොරන්න බැහැ.