IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


‘අරගලය’ට වසරක් පිරෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

‘ගෝඨා ෆේල් රනිල් සේල්’, ත්‍රස්ත පනත අහෝසි කරනු’ සහ ‘ජනතා බලය ගොඩනගමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී එම පිරිස විරෝධය දැක්වූහ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය දක්වමින් 2022 වසරේ අප්‍රේල් මස 9 වැනිදා කොළඹ ගාල්මුවදොරදී ඉතාම සුළු පිරිසකගෙන් ආරම්භ වූ ‘අගරලය’ මැයි මස 9 වැනිදා වන විය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටලු අගමැති මහින්ද රාජපක්‍ෂ සහ 2022 වසරේ පැවැති පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකට එම අරගලය හේතුවෙන් තනතුරු අතහැර දැමීමට සිදුවූ අතර අරගලයට සහභාගි වෙමින් සිටි සහ ඒ හේතුවෙන් වූ සිද්ධීන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවක් මරණට පත්වූ බව ද පොලිස් ආරංචි මාර්ග සදඟන් කරයි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (17)

‘අරගලය’ට වසරක් පිරෙයි

මහසෙන් Sunday, 09 April 2023 04:45 PM

අර ඒ දවස් වල මොරදීපු කර්නල්ලා, රැට්ටලා, බැට්ටලා, පපුවට ගහගත්ත නිළියෝ, ගෝඨා යවපු අපිට රනිල් වැඩ්ඩෙක් නොවේ කීව කට්ටිය ඉන්න දිහා හොයාගත්තා නම් හොඳයි. අවසානේ මේ අරගලේ කියන්නෙත් ලංකාවේ මජර දේශපාලනයේම එක ගේම් එකක්... අවසානේ අරගලය අල වුණා. අරගලේ බිස්නස් එකක් කරගත්ත වුන් ගොඩගියා.

:       35       101

AsithaSunday, 09 April 2023 07:52 PM

ගෝල්ෆේස් අරගලය කියන්නේ මෙරට ජනතාව තමන්ගේ ශක්තිය රටේ දූෂිත දේශපාලුවන්ට පෙන්නපු ඉතිහාසගත අවස්ථාවක්...!

:       30       37

fairoosMonday, 10 April 2023 12:46 PM

අරගලය නම් අලවුණේ නැහැ. නන්දසේන තව අවුරුදු 2ක් හිටියා නම් ඔය බයි සෙට් එකම හොයාගන්න වෙන්නේ නැහැ.

:       27       22

විපරමා Monday, 10 April 2023 03:14 PM

කිසිම බේදයක් නැතුව මජර දේසපාලනයට විරුද්ධව බලලෝබි දූෂිත පවුල් පාලනේ උන්ට එරෙහිව ජනතාව නැගීසිටිම ලොකුම ජයග්‍රහණයක් .අරගලය අල වෙලාද,වැල වෙලාද කියලා බලන්ඩ පළාත් සබා මැතිවරණය පවත්වන්ඩනේ තිබුනේ ? ඇයි ඔයතරම් බය?

:       25       12

ඩීඒ Sunday, 09 April 2023 07:28 PM

අනේ මේ අයගේ සටන් පාඨ... මේ අය හැමෝම කළේ ජනතාව අන්දපු එක... ප්‍රොජෙක්ට් එකේ හිටපු අය දැන් ඉන්න තැන් බැලුවාම ඒක ඕන ගොනෙකුට තේරෙනවා... ඒත් මේ රටේ ඉන්නේ ගොන්නුන්ටත් අන්ත අය... දැන් කවුරු හරි නැට්ටෙක් කිව්වොත් රනිල් එලවන්න ගෝඨා ගේමු කියලා... ඒක තමයි රටේ ජනප්‍රියම තේමාව... ඒකනේ හොරු හොරු බලය බෙදාගනිද්දී ඔවුන්ටම බලය පවරලා දීලා බස් එකේ හිරවෙලා ගිහින් අතයටින් ගානක් දීලා කිව් ආර් එකට හොරෙන් තෙල්ටික ගහගෙන කිරිපිටි පෝලිමේ දුක කියන්නේ....

:       43       56

නිමේෂ් Monday, 10 April 2023 03:38 PM

බන්කොලොත් වෙන්න ගොට කරපු ගොන් වැඩ මුළු ලෝකෙම දන්නවා ,බ්ලුම්බර්ග් වෙබ් අඩවියේ පවා ලස්සනට විග්‍රහ කරලා තියනව .එක රටේ බහුතරයක් උගත් තරුණ පිරිස් ත්රුම් අරන් හිටියේ ,ඔයාගේ වගේ බත්බැලයෝ මොනව හිතන් හිටියද දන්නේ නැහැ ,හැබැයි මන් නං හිතන්නේ නැහැ මොලේ තියන මිනිහෙක් ගොටව අපහු ඉල්ලයි කියල

:       16       10

කර්නර් Sunday, 09 April 2023 08:27 PM

කාලකන්නි, ඕක සමරන වෙලාවේ මිරිස් ගහක් හිටවපල්ලා...

:       13       32

සුජිත් පල්ල්‍ර්‍රේවත්ත Sunday, 09 April 2023 08:29 PM

ලංකා ඉතිහාසයේ එදා මෙදා මුදලට පාවාදුන් දැවැන්තම වේදිකාව මෙය ලෙසයි මා දකින්නේ... එයට හේතුව නම් එලවපු පාලකයාට වඩා නරක දරුණු යැයි කියා ගන්නාවූත් අරගලය විසින්ම රටේ නායකයා වීමට පාරකැපුවා වූත් වත්මන් නායකයාට විරුද්ධව කිසිත් නොකරමින් පෙළනොගැසෙමින් මුනිවත රකින ඔය අරගල කරුවන්ගේ ක්‍රියා කලාපය දිහා බැලුවාම පැහැදිලි වේ...

:       9       25

චන්දිම ෆොන්සේකා Monday, 10 April 2023 01:10 AM

අන්තිමට බැලුවාම අරගලෙන් පස්සේ වුණේ කොහේවත් හිටපු වැලේ වැල් නැතුව හිටපු එවුන් හිතාගන්න වත් බැරි ගාණට නිකම්ම පිනට රජවෙලා කලින් අයටත් වඩා පොරවල් වගේ අපිටම පුප්පන්නයි, ගොරවන්නයි පටන් ගත්තු එක. ඒ මදිවට ඒ අය දැන් අපිට නීති රීති හොඳනරක කළ නොකළ යුතු දේ ගැන දේශනා දෙන්නත් පටන් අරන්... අපිට දැන් වෙලා තියෙන්නේ පුරවැසියෝ වගේ නෙමෙයි හරියට ඔවුන්ගේ යටත් වැසියන් වගේ ජීවත් වෙන්න. මොන මගුලක් ද මේ වුනේ අන්තිමට...!

:       8       21

ලුම්බිණි Monday, 10 April 2023 05:12 AM

අරගලය කියන්නේ ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. සියලුම දේවල් ඉක්මණින් අමතක වෙන අයට ඒකත් දැනටම අමතකයි.

:       27       10

jayasekara Monday, 10 April 2023 10:29 AM

ඔය අරගලේ හොඳ දෙයක් වුණා. පළවෙනි එක ඕකට උඩදාගෙන ඉස්සෙල්ලාම ගිය අය පෝසත් වුණා ඩොලර් වලින්... අනික ගෝඨාභය එළවලා රනිල් ආවා. අද පක්ෂ භේදයකින් තොරව කියන්නේ මොනවා වුණත් රනිල් ආපු එක හොඳයි...

:       10       28

PODDA Monday, 10 April 2023 01:11 PM

NGO කාරයෝ, කුඩුකාරයෝ, ඩයස්පෝරාවෝ, ලෝගුස්ලා එකතුවෙලා රට විනාශ කරපු කුමන්ත්‍රණයට වසරයි. දැන් ගෝල්ෆේස් එකේ අහිකුණ්ඨක කූඩාරම් ගහන්න බැරිද? රනිල්ට බයද?

:       9       36

ගමේ එකාලා Monday, 10 April 2023 02:02 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ පන්නා දැමීම අරගලයේ ලොකුම ජයග්‍රහණයක්... වහලුන්ට අරගලය අලවෙලා වගේ දැනෙනවා, පේනවා ඇති. ඡන්දේ කල් නොදා තියලා පෙන්නුවා නම් කාටකාටත් බලාගන්න තිබුණා.

:       25       11

නිමල් Monday, 10 April 2023 04:39 PM

ඇත්තටම ඔය අරගලය මගින් රටට වුනේ හොඳක්ද? රටේ තිබුණ ප්‍රශ්නවලට අරගලය මගින් උත්තර ලැබුණද ? අද මේ පුංචි ඡන්දය ඉල්ලා කෑ ගහන අය එදත් කරන්න තිබුණේ අදත් කරන්න ඕන ජනාධිපතිවරණයක් ඉල්ලන එක. ජනාධිපතිවරු පත්වෙන්න ඕන, ගෙදර යන්න ඕන, මැතිවරණයකින්. ඉතා සුළුපිරිසක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දේශපාලනය නිසා රටේ බහුතරයක් මිනිස්සුන්ගේ අයිතීන් උල්ලංඝණය වෙලා. රට දේශපාලනිකව අස්ථාවර කළා. ආර්ථිකය පහළටම වැට්ටුවා. තමන්ට ඕන පරාජිත දේශපාලකයන් බලයට ගේන්න ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කළා. එදා හයියෙන් කෑ ගහපු ගොඩක් අය අද රටේත් නැහැ. කමක් නැහැ... අපි රටක් විදිහට දැන් ආයෙත් නැගිටිනවා. දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නැතුව මීටවඩා නිදහස්ව කටයුතු කළොත් අපිට ආයේ ඉක්මනට නැගිටින්න පුළුවන් වෙයි. මැතිවරණ කාලයට විතරක් දේශපාලනය කරන්න. අනිත් කාලවලදී ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයෙන් තෝරා පත්කරගත් රටේ නායකයන් සමග වැඩ කරන්න අපේ රටේ පුරවැසියන්ට අවබෝධය හා හැකියාව පහළ වේවා...!!!

:       3       16

පිටරැටියා Monday, 10 April 2023 04:53 PM

කවුරු කෙසේ කොහොම කිව්වත් අරගලය යනු අපේ රටේ ජනතාව ලැබූ ලොකුම ජයග්‍රහණයක්... 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු, 2/3 බලයක් තිබුණු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් පන්නා දැම්මා. පොහොට්ටුවට ඡන්දෙ දීපු අයත්, අන්තිමට විරුද්ධ වෙලා පාරට බැස්සා...

:       20       12

saman Tuesday, 11 April 2023 08:39 AM

පුස්සෙක් වීරයෙක් කරපු ගොන් සන්දර්ශණයක්

:       4       6

Bamunuarachchi Tuesday, 11 April 2023 06:54 PM

ඔහොම අව්වේ ටිකක් කරවෙලා දෙන ගානක් අරගෙන ගෙවල් වලට පලයල්ලා. අරගල කාරයෝ කරපු මගුලක් නැහැ. කාලකන්නි

:       2       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 552 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 1692 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 929 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 806 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 1470 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 240 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 394 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1791 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1621 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site