IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිරියගේ කැති පහරින් සැමියා මරුට

(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ  අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන්  බිරියගේ  තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පුලස්තිපුර,කෑගලුගම පදිංචිව සිටි නිලන්ත නන්දන කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
හෙතෙම ජීවිකාව ලෙස කුලීවැඩ සහ පොල් කැඩීම කරමින් සිටි බවද  කියති.
මොහු දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් මෙදිනද එසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් සැමියා ඝාතනය කර තිබෙන බව පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

 



අදහස් (3)

බිරියගේ කැති පහරින් සැමියා මරුට

සම්පත් බණ්ඩාර Monday, 10 April 2023 05:56 AM

කෑගල්ල කියන කෑල්ලක් හරි තියෙනවා නම් ඉතින් මිනීමැරුමක් තමයි කියන්න වෙනවා. මේකත් පොළොන්නරුවේ වුණාට කෑගලුගම තමයි

:       2       2

Udhuli Monday, 10 April 2023 08:45 AM

දැන් මිනිස්සුන්ගේ මනුස්ස ගුණ දවසින් දවස ඉතා වේගයෙන් පිරිහෙනවා. ආර්ථික ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ඉවසීම අඩුවෙන්න මූලික හේතුවක් තමයි ආගමෙන්, දහමෙන් ඈත්වීම. බොහෝ වෙහෙස මහන්සිවෙලා තමන්ට කන්න, බොන්න දුන්නු ස්වාමියාට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කෙනෙකුට.... මියගිය සොයුරාට නිවන්සුව ලැබේවා.

:       0       4

fairoos Monday, 10 April 2023 12:55 PM

හැමදාම මිනීමැරුම්... දැන් හොඳටම පිරිහිලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site