
(බණ්ඩාර ජයරත්න සහ විශේෂ පී ශාන්ත බණ්ඩාර)
පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති 23 හැවිරිදි කාන්තාවක බවද පැවසීය .
පොලිසියට ලද තොරතුරක් මත සිද්දිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පැවසීය .
සිද්දිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .
මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය .
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ලේ සතියකට එකක් දෙකක් මිනීමැරුමක් වෙනවා කියන්නේ ඉතාමත් කණගාටුදායක තත්වයක් තමයි...
සියලු විවාහකයින් දැනගතයුතු කරුන නම් විවාහවූ පමනින්ම හෝ දරුවකු හැදූ පමනින්ම විවාහයක් පවතින්නෙ නැති බව. අධ්‍යාත්ම්කව බැදුනු දෙදෙනෙකු හැර අන් සියලු බැදීම් රදා පවතින්නේ සර්තකවු ලිංගික ජීවිතයක් පදනම් කරගෙනම පමනි. මෙතැනදී දෙපාර්ශවයටම විශාල කාර්‍යයභාරයක් කලයුතුව ඇත. මෙවාට මනා අධ්‍යනයක් දෙදෙනාටම අවශ්‍යයි. මේ සම්බන්ධව ව්‍ද්‍ය උපදෙස් ගැනීම වැදගත්. අනෙක් කරුන නම් අසීමිත ලෙස ඉවසීම ප්‍රගුන කලයුතුයි. තරුණ යුවලන්ට නැත්තේම මේ දෙයයි. බුද්ධ ධර්මයේ හැසිරීම ඉතාමත් වැදගත් එහි අර්ත ජීවිතයට ආදර්ශ කරගත යුතුයි. අන්‍ය ආගමික උවත් බුද්ධ ධර්මය ඉගැනීම වටී. එය ආගමක් නොව ලොව පවත්නා පරම සත්‍ය බැවින්. අද සමජයේ පිරිමියා ඉතා අසාමන්‍ය ලෙස පිරිහීමට ලක්වී ඇති බව පෙනේ. බිරිද මවක් ලෙස ඔහු හරි මගට ගන්නට වෑයම් දැරුවත් එය පිරිමියා වටහා නොගෙන කලහාකරී ලෙස හැසිරීමත් මෙවැනි කේදජනක සිද්ධින්ට මූන පාන්නට සිදුවේ. දෙදෙනාගේ සත්‍ය ස්වභාවය වටහා ගත හැක්කේ විවහයෙන් පසුවම පමනි. එහෙයින් තමන් බලාපොරොතු වූ අකාරයේ පුද්ගලයෙක් නොවේ නම් ගැහැනිය කිසි විටකත් ඒ විවහයේ රැදී සිටීමට උත්සහ නොකල යුතුයි.
ඕනම කෙනෙකුගේ පවුල් වල මත ගැටුම්, ප්‍රශ්ණ තියනවා. ඒත් කොහොමද දෙයියනේ තමන්ගේ බිරිදව, සැමියව ගහලා මරන්නේ? දැන් කෙනෙකුව මරනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
රට විනාසයි. කබලෙන් ලිපටම වැටිලා.
අපේ සමාජය ලෝකයේ තියෙන තිරිසන් බවින් වැඩිම සමාජ අතර කප්ගසා ඇතිබව දිනපතා පලවන මෙවැනි පුවත් මගින් මොනවට පැහැදිලි වෙමින් ඇත. මිනිසුන් අතර මානව හිතවාදී ගුණධර්ම දියුණු කිරීම සඳහා පලදායී හා ක්ෂණික වැඩ පිළිවෙලක් අවශ්‍යව ඇත. කණගාටුවට කරුණ නම් අදාල බලධාරීන්ට මෙම භයානක අනතුර පිළිබඳව තවමත් දනී නැතිවීමය.
මේවා දැන් දිනපතා වාර්තා වෙනවා.. අපරාධ, මිනීමැරුම් ඉතා සීඝ්‍රෙයන් වැඩිවෙන බව පේන්නේ මේ රට හොඳ තත්වයක් නොවේ. හොඳට තිබුණු රටට වුණු දෙයක්..
ලෝකයේ වඩාත්ම අශිෂ්ට ප්‍රජාව ශ්‍රී ලාංකික සිංහලයන් ය.
එක තත්පරයක් දෙකක් ඉවසන්න බැරිඋන ඒකේ විපාකය. ජීවිතයම විඳවන්න වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ. හැමදාම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තමයි අහන්න, දකින්න ලැබෙන්නේ. මේ ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු හරිම කලබලකාරී මනසකින් වැඩ කරන්නේ. ඉතිං ඔය අතරේ පොඩි ප්‍රස්නයක් උනත් ඒක ලොකුවට ගන්නවා. ඉවසීම අතුරුදහන් වෙනවා. මේවා ගැන කිසිම කෙනෙක් අවධානය. යොමු කරන්නේ නෑ... තමන් එක්ක ජීවිත කාලයම ගෙවන්න කියලා හිතාගෙන මෙලොවට බිහිකරලා හදාවඩා ගත්තු දෙමව්පියන්ගෙන් වෙන්වෙලා ආව මේ සොයුරියට මේවගේ ඉරණමක් අත්වෙයි කියලා හීනෙකින්වත් හිතෙන්න නැතිව ඇති. මෙය කරපු කෙනා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා ඇති. අඩුම ගානේ උදේ පාන්දර නැගිටලා උයලා පිහලා කෑම ටිකවත් දෙන්න ඇතිනේ. රෙදිටික හෝදලා දෙන්න ඇති . වැඩට ගිහින් එනතුරු මග බලාගෙන ඉන්න ඇති. එහෙම කරපු කෙනෙකුට මෙහෙම අපරාධයක් කරන්න කෙනෙක් මොනතරම් සැහැසි වෙන්න ඕනෙද........ සොයුරිය ඔබට මෙවන් අකල් මරණයක් නිවන් දක්නා තුරු නොමවේවා... ඔබතුමියට නිවන්සුව පතමු.hi
රටේ නීතියක් නෑ. පුස්කාපු නීතිවලට තිරිසන් ගති තියන අය බය නැහැ. ඒකයි නිතරම අහිංසක කාන්තාවන් හැමදාම මැරෙන්නේ...
හැම කෙනාම නීතියක් ගැන කතාකරනවා. නීති තදකරලා දැඩි දඬුවම් දුන්නත් මේවා අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. මේවා වුණාට පස්සේ දෙන එකක්නේ දඬුවම. නමුත් මේවා නොවෙන්න වැඩ පිළිවෙලක් ගැන බැලුවොත්, හිතුවොත් තමයි වඩා හොඳ. මිනිස්සුන්ගේ ගුණ ධර්ම වර්ධනය කරොත්, මිනිස්සුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවුවොත්, වර්ධනය කරුවොත් (විභාග පාස් කරන අධ්‍යාපනය නෙමෙයි) හැම පැත්තටම සාධාරණයක් වෙනවා. නමුත් ඒ ගැන හිතන්න, ක්‍රියාකරන්න එහෙම හොඳ අධ්‍යාපනක් ඇති කෙනෙක් හොයාගන්න නෑ. මේවාට ව්සඳුමක්වත් රටේ ඉන්න ආගමික නායකයින්වත් යෝජනා කරන්න උන්නාන්සේලාට විවේක නෑ. (මිනිස්සුන්ගේ පිරිහීමට ආගමික නායකයින් ක්‍රියාශීලී නොවීම හේතුවක්.)
රටේ දවසින් දවස මේවගේ ඇඟ කිලිපොලා යන අපරාධමයි ඇහෙන්නේ. ඒත් කිසිම දෙසපාලකයෙක් මේවගේ අපරාධ වළක්වාගන්න ක්‍රමයක් ගැන කතාකරන්නේ නෑ. බලය වෙනුවෙන් කාලය, මහජන මුදල් වැය කරනවා.