IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාරයා යතුරු පැදියෙන් එයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස්  ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ  අනතුරින් මරණයට පත්ව ඇත්තේ හලාවත මැදවත්ත ප්‍රදේශයෙ පදිංචි 40 හැවිරිදි තිදරු මවක් බව කියයි.

මරණයට පත් කාන්තාව ඇගේ සැමියා පැදවු යතුරු පැදියේ වයස අවුරුදු 10 හා 13 දරුවන් දෙදෙනා සමග ඉරණවිල වෙරළ බඩ මාර්ගයෙ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටියදී නොසිතු ලෙස යතුරු පැදියෙ පිටුපස රෝදය හදිසියෙ පුපුරා යාමත් සමග එය පාලනය කර ගැනිමට  නොහැකි විමත් සමග පෙරළි ගොස් ඇති බවයි.

ඒ සමගම පාලනයෙන් ගිලිහි ගිය යතුරු පැදිය පෙරළි ඉවතට විසිවි ඇති බවත් කුඩා දරු දෙදෙනා හා සැමියා මාර්ගයෙන් ඉවතට විසිව ඇති නමුත් මෙම කාන්තාව මාර්ගය මැදට වැටි ඇති බව පරික්ෂණ පැවැත්වු හලාවත මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරින් පවසයි.

මාර්ගය මැදට විසිවි ගිය කාන්තාව  පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්වි ඇති බව කියයි.

 



අදහස් (4)

මාරයා යතුරු පැදියෙන් එයි

හර්මානිස් Sunday, 09 April 2023 02:20 PM

යතුරු පැදි තියෙන්නෙ එක් අයෙකුට, නැත්නම් දෙදෙනෙකුට යන්න පමණයි... ඉතින් හතර දෙනෙක් ගියාම ටයර් පිපුරුවේ නැත්නම් තමයි පුදුමේ...

:       5       9

හර්මානිස් Sunday, 09 April 2023 06:52 PM

මම හිතාගෙන හිටපු හැටියට තමයි අදහස ඉදිරිපත් කළේ... ඇත්තටම යතුරු පැදියක යන්න පුළුවන් මගී සංඛ්‍යාව හතරකට වැඩියි කියලා තමයි ඩිස්ලයික් අනුව පේන්නේ ...

:       0       6

Muthu Sunday, 09 April 2023 02:55 PM

ඔන්න ලංකාවේ දුප්පත්කමේ තරම... මම ලංකාවට ගිය වෙලාවේ, පුංචි කාර් එකක් අපේ පාරේ කාණුවට වැටිලා. බැලුවාම ඉස්සරහ වම් පැත්තේ ටර්ය් එක පුපුරලා. මහා පාරේ වුණානම් මහ විනාශයක්. මගේ දුවගේ වෙස්ල් එකට අලුත් ටයර් 4 දාන්න 250,000ක් ගියා. ෆුල් සර්විස් එක 52000... ඉතින් මිනිස්සු මැරෙන එක හොඳයි කියලා ඔහේ යනවා....

:       1       13

Jcn Sunday, 09 April 2023 03:42 PM

වාහනවල අමතර කොටස් ටයර් මිල ගණන් අහස උසට නිසා මිනිස්සු මේ කාලේ ඒවා මාරු කරන්න උනන්දු නෑ. මේ සිද්ධියටත් ඒක හේතු වුණා වෙන්න පුළුවන්. පව්...!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site