
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර ඇත.
එසේම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමමින් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බව පීටර් බෘවර් මහතා පෙන්වා දී තිබේ.
වසර ගණනාවක සිට හටගත් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ගත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව නැවත වරක් නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවමින් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට කැපවී ඇති බවත් පීටර් බෘවර් මහතා පවසා ඇත.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඉදිරි වසර හතරක කාලය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් ලබා දී තිබෙන බවත් පීටර් බෘවර් මහතා සඳහන් කර තිබේ.
මෙවැනි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම සඳහා පහසු විසඳුමක් නොමැති බවත් මින් ගොඩ ඒමට සියලු දෙනා සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු බවත් පීටර් බෘවර් මහතා පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් රජය ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ රජයේ අදායම ඉහළ දමා ගැනීමට, මිල ස්ථාවර කිරීමට, විදෙස් සංචිත ප්‍රමාණවත් ලෙස ගොඩනගා ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර තිබේ.
දුප්පත් පවුල් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් වෙනුවෙන් රජය සිදුකරන වියදම ඉහළ දැමීමට, සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට,ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීමට හැකිවන ආකාරයේ බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආරම්භ කර ඇති ආර්ථික වැඩසටහනෙන් බලාපොරොත්තු වන බව පීටර් බෘවර් මහතා පෙන්වා දී ඇත.
බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබා දුන් සහනයත් සමඟ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙමින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්වෙලා මේ ජනමතයක් නැති හොරු ටික වැලිකඩට යවලා මේ ජරාජීර්ණ වූ අපේ සුන්දර රට ගොඩනගමු... ජාති, ආගම් බේද සිංගප්පූරුව මෙන් පාලනයට සම්බන්ධ නොකරගෙන...
හොරුත් එක්ක එකතු වෙන්නලු... කරුණාකරලා ඔයාට අදාළ ජොබ් එක කරන්න.. හොරු සුරතල් ගී ගයන්නේ නැතිව...
අනේ මේ මනුස්සයා දන්නේ නැතුව ඇති මේ රටේ ඉන්නේ කරන්න තියෙන තරම් ඔක්කොම තක්කඩි වැඩ කරලා රට නැති භංග කරලා ඒ මදිවට දැනුත් ඒ ටිකම කරගෙන යන ගමන් එකතු වෙයල්ලා, රට ගොඩ ගනිල්ලා, දුක් විඳපල්ලා... තිත්ත බෙහෙත් නෙමෙයි, වහ වුණත් බීපල්ලා කියලා රටේ මිනිස්සුන්ට බොලේ පාස් කරන අජූත දේශපාලුවන් රැලක් බව...
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන් පොහොට්ටුවේ ඉන්නේ? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හිඟාකන තත්වයකට රට පත්කෙරුවේත් ඔවුන්ම තමයි..
මොනවා කරන්නත් මේ හොර, තක්කඩි එළවන්නම ඕනේ... එහෙම නැතුව මොනවා කථා කළත් වැඩක් නැහැ...
අපි දන්න ඒවා අපිටම කියන්නේ නැතුව ඉන්න. හරි ජනමතයක් නැති ආණ්ඩුවකට ණයක් දීලා තව කියවන්නත් එනවා. අපේ හිටපු, ඉන්න පාලකයින්ගේ කට තමයි මේ සේරටම මුල.... හැමකෙනාම අපේ ඔලුවට අත හෝදන්න එනවා.
ඔහෙලා තමයි ඕකුන්ට පවතින්න ඔක්සිජන් දෙන්නේ එදා සිට.. ඕකුන්ට ලෝකේ තියෙන සේරම ධනය ගෙනත් දුන්නත් ඒත් මදි ඔවුන්ට හොරකම් කරන්න...
මුන්නැහේට කතාව වැරැදිලා අමුකැවිලා...
එතකොට මෙයා කියන්නේ අපිට හොරු එක්ක එකතු අයට තවත් හොරා කන්න දීලා ආපස්සට දත නියව නියවා ඉන්න කියලද? ඒක කියන්න මෙයාව අපිට ඕනද?
ඔව්. ඔයාලා ඔක්කොම එකතු වෙලා අපිට ත්‍රිකුණාමලය හමුදා කඳවුරක් දෙන්න. IMF කියන්නේ අපිව බේරගන්න ආපු අපේ සුළු පියා.