
(දමිත් වික්‍රමසේකර)
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.
මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.
මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වලට ඇති ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.
වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් රජයේ ඉන්ධන බිල අඩුවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත .
මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.
ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසි වලට ඇතුලත් වන බව පැවැසෙයි.
සමාගම් තුන එකතු වී වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ඉන්ධන මෙරටට ආනයනය කරනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් භාණ්ඩාගාරයේ බර සැහැල්ලු වන බවත් පැවැසෙයි.
ගිවිසුම අවුරුදු 20 ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.
අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ගිවිසුම් යටතේ, සුඛෝපභෝගී වාහන භාවිතා කරන සුපිරි ප්‍රමිතියෙන් මිල අධික නිෂ්පාදන අලෙවි කිරීමටද එම සමාගම් වලට අවස්ථාව ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, ඕක තමයි ජනතාව හොයපු වෙනස, cpc එක වහලා දාන්න ජනතාවගේ උපරිම සහාය රජයට... ජනතාවගේ බදුමුදල් වලින් සැප විඳින්න වෘත්තීය සමිති පාරට දැමීම ජනතාවගේ උපරිම සහාය රජයට....
ගොඩක් හොඳයි...
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් වහලා දාන්න තියෙන හදිස්සිය...
ජනතාවට බලපාන මෙ වගෙ රාජ්‍ය ආයතන ආයතන පුද්ගලීකරණය කරල තරගකරිත්වය ඇති කල යුතුයි. පින්පඩි වාහන ගත්ත වෘතීය සමිති කාරයො.
ලංකාවේ හැම ආයතනයකටම මේ ක්‍රෙම් කරන්න බැරිද?
මුලින්ම අඩුවෙන් විකුනල සිපෙට්කෝ එක වහලම දානව.ඊට පස්සෙ හිතු හිතූ විදියට ගණන් වැඩි කරනව.හරි සරලයි
මේ තමා 1962 ට පෙර ලංකාවේ තිබුන ක්‍රමය.
ඔය වගේම පුළුවන් නම් අපේ පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කළා නම් නියමයි... නිකමට කිව්වේ...
තිබෙන ෂෙඩ් මයි. තිබෙන බවුසර්මයි. නැවේ සිට බවුසරයට තෙල් යන කොටස තමයි මෙයාලා කරන්නේ. සිපෙට්කෝ එක කලේත් ඒකමයි. සිපෙට්කෝ එකේ අපේම මිනිස්සු අපි ගැන හිතුවා නම් අපිත්, සිපෙට්කෝ සේවකයෝත්, රටත් අද සැනසෙනවා. ඒත් එහෙම වුනේ නැහැ... විදේශිකයින් ඇවිත් මොනවද කරනවා. හිතට නම් හරි නැහැ. ඒත්...
ලාබ ලබන තෙල් සංස්ථාව දේශපාලනීකරණය කරලා පාඩුවේ ඉන්න දුන්නේ කවුද...???...
ඔව් ඔව් පටන් ගන්නකොට අතින් පාඩු විඳගෙන හරි ලාබෙට දෙවි.