
(යොහාන් භාසුර)
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.
උත්සව සමයේ වැටලීම්වලදී බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන බවත් කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්‍ෂා කළ බවත් එම අධිකාරිය කීය.
වෙළෙඳපොල වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් හා විමර්ෂන සඳහා නිලධාරින් යොමු කරන බව කී පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රී කාලයේද අධිකාරියේ නිලධාරීන් රාජකාරි කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගිකයන් සූරා කෑ 1500 කට නඩු
Samitha S. Aluthgamage Monday, 10 April 2023 12:04 AM
මෑත කාලයේ මේ රටේ ඇතැම් වෙළෙන්ඳන් තරම් ජනතාව ගසා කෑ අය තවත් සිටිනවා දැයි සිතේ...
Samitha S. Aluthgamage Monday, 10 April 2023 11:09 AM
මාත් ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්. අපේ පියා නිතරම කිව් දෙයක් තමයි " මගේ දරුවන්ට මං කවදාවත් අනුන්ගේ ගින්දර කවන්නේ නැහැ " කියා. අද ඔහු ජීවත්ව නැතත් ඔහුගේ වදන් මතකයේ රැඳී තිබෙනවා. අද එවැනි ව්‍යාපාරික ප්‍රතිපත්ති මිනිසුන් ළඟ ඉතා අල්පයි. බොහෝ ව්‍යාපාරිකයින් කිසිඳු හිතක් පපුවක් නොමැතිව හිතේ හැටියට ජනතාව ගසා කනවා. මීට එක් මෑත උදාහරණයක් තමයි, මේ රටේ බේකරි කරුවන්... රජය ඉන්දියාවෙන් බිත්තර ගෙන්නා ඔවුන් වෙත අඩු මිලට ලබා දුන්නා. ඒත් ඔවුන් ඒ වාසිය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඩොලරයේ මිල ඉහළ ගියවිට කලින් ගෙනා බඩු මුට්ටු බොහෝ වෙළෙන්දන් අධිකමිලට විකුණා අයුතු ලාබ ලැබුවා. මේවා වැළැක්වීමට රජයට හා නිලධාරී පැලැන්තියට හැකියාවක් තිබුණේ නැහැ. මේ රටේ බොහෝ වෙළෙන්දන් රටේ ජනතාවගේ ලේ උරා බොන්නන් යැයි කිවහොත් එය වරදක් නොවේ...
K.ss kumaraWednesday, 21 May 2025 12:55 PM
ගාල්ල අධිවේගි බස් පරියන්තය අසල වෙළෙඳ කුටියේ සිසිල් බීම හා පානීය ජල බෝතල් වැඩි මිලට විකුණන ලදි සිසිල් බිම සියල්ලන්ගේම සඳහන් මිල සුරා ඉවත් කර ඔහුන්ට සිතෙන සිතෙන මිල ගණන් යටතේ විකුණනු ලබයි. ගාල්ල පාරිභෝගික සේවා අධිකාරිතුමනි, මේ වෙළෙඳසල හා අනෙකුත් සියළු වෙළෙඳකුටි නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කර මොවුන් නීතිය හමුවට පමුණු වන්න...
Rata Perata Monday, 10 April 2023 01:20 PM
ජනතාවගේ බදුමුදල් සූරාකන අයට කිසි දෙයක් නෑ.