විදුලි සැර වැදී අයෙක් මරුට අධි බලැති විදුලි පහනක් සවිකිරීමට ගිය පාදුක්ක තුන්නාන ප්රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 05 November 2023
කඩදාසි බෝට්ටුවෙන් ආ මාරයා සිඟිතිය රැගෙන යයි මදුරන්කුලිය ප්රදේශයෙ කුඩා දැරියක දිය පහරකට ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා ප්රදේශවාසින් විසින් සොයා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව මදුරන්කුලිය පොලිසිය කියයි. 05 November 2023
වී අස්වනු දෙගුණ කරන්න ජනාධිපතිගෙන් උපදෙස් ඉදිරි වගා කන්න හය ඇතුලත මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්යාංශයට උපදෙස් දුන්නේය. 05 November 2023
ගල් කුට්ටියක් පෙරැලී දුම්රිය නිලධාරීන් 5ක් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 05 November 2023
හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමක මාට්ටු හෙරොයින් මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. 05 November 2023
පළාත් රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2 00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 05 November 2023
මුහුදේ ගිලි තරුණයෙක් මරුට:තවත් තරුණයකු අතුරුදන් ගාල්ල හබරාදුව දළවැල්ලේ ෙහෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 04 November 2023
රත්තරන් තොගයක් මන්නාරමෙන් අල්ලයි මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, ඩිංගි යාත්රාවක්, ත්රීරෝද රථයක් සහ යතුරු පැතියක් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 04 November 2023
ලොරි - කාර් ගැටී කළමනාකරණ සහකාර මරුට මොරගහහේන හොර ගස් හංදිය ප්රදේශයේදී අද රාත්රියේදී ලොරියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු මිය ගොස් ඇතැයි මොරගහහෙන පොලිසිය කියයි 04 November 2023
ජලාශ රැසක් පිටාර ගලයි රටපුර විවිධ ප්රදේශවලට ඇද හැලෙන මහ වැසි නිසා වැව් අමුණු රැසක් වාන් දැමීමට පටන් ගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. 04 November 2023
මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක් අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්රිත ව්යායාම සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ. 04 November 2023
විදුහල්පති 401 කට උතුරේ පත්විම් විදුහල්පති ශ්රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්යස්ථානයේදී සිදුකෙරිණ. 04 November 2023
රටටම ආදර්ශයක් වූ අපූරු පාසල කෘෂි කර්මය විෂයකට පමණක් සීමා වී කෘෂි කර්මය උගන්වන ගුරුවරුන් පොතේ ගුරුවරුන් වෙනකොට, රටටම ආදර්ශයක් දෙමින් පාසල් භූමිය කෘෂි ගෙවත්තක් කළ විදුහල්පතිවරයකු මෙන්ම කෘෂිකර්ම විෂය බාර ගුරු පියවරුන් දෙදෙනකු ගලෙන්බිඳුණුවැවෙන් අපට හමු විය. 04 November 2023
ජනපති නුවරඑළියේ ඇඳුම් තෝරන්න යයි නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයට අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට එක් විය. 04 November 2023
තේ, බත්, කොත්තු ෆයිඩ් රයිස් මිල ගණන් ඉහළට ආහාර වර්ග කිහිපයක මිල ගණන් අද (04) මධ්යම රාත්රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. 04 November 2023
එකට බීලා පොල්ලෙන් ගසා මිතුරා මරාදමලා එකට මත්පැන් පානය කල මිතුරන් දෙදෙනෙකු අතර ප්රේම සම්බන්යධක් මුල්කර ගනිමින් ඇතිවූ කතාබහකින් පසු එකෙකු අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි . 04 November 2023
තිදරු මව මැරූ සැමියාගේ සිරුර වහලේ එල්ලෙයි අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ නිවෙසක දී සැමියා සිය බිරිඳ ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කියයි. 04 November 2023
අම්පාරේ අනතුරකින් හයක් රෝහලට අම්පාර ධර්මපාල මාවතේ සිදු වූ මාරක රිය අනතුරකින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු, දරුවන් දෙදෙනකු ඇතුව හයදෙනකු, ප්රථිකාර සදහා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇති බව අම්පාර පොලිසිය පවසයි. 04 November 2023
ව්යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක්? විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි. 04 November 2023
කට්ටි පනින නිලධාරීන්ට ජනපතිගෙන් ටෝක්කක් රටේ සංවර්ධන කටයුතුවලට අදාලව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්රියාත්මක නොකරන රාජ්ය ආයතන ප්රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. 04 November 2023
වැඩි ගාණට සීනි වික්කොත් වැඩ වරදී උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද සිටම රටපුරා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 04 November 2023
බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදුකෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 04 November 2023
ශ්රී ලංකා ක්රිකට් ලේකම් මොහාන් ඉල්ලා අස්වෙයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 04 November 2023
දැදුරුඔයේ වාන් දොරටු 05ක් යළි විවෘත කරයි දැදුරුඔය පෝෂක ප්රදේශ වලට ඊයේ (03)දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය. 04 November 2023
විදුලි හොරුන් මණ්ඩලයට කෝටි අටක් පාඩු කරලා අයථා ක්රමවලට විදුලිය ලබාගැනීම් හේතුවෙන් පසුගිය මාස අටේදී රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි 04 November 2023
නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි. 04 November 2023
බොහෝ ප්රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 04 November 2023
පී.සී. බීමතින් ජිප් එක ධාවනය කර අනතුරක් කරලා කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා අනතුරක් කළ බව කියන පොලිස් කොස්තාපල් රියදුරයකු වාලච්චේන පොලිසිය විසින්සැකපිට අත්අඩංගුවට ඇත. 04 November 2023
සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ වැඩවලට අරන් සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුමවල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 04 November 2023
අධිකරණ පරිශ්රයේදී නීතිඥවරයා සහ නීතිඥවරිය ගුටි ඇනගෙන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත. 04 November 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026