මැරීන් ඩ්රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි. 05 November 2023
තරග ජය ලබන විට මෙවැනි ප්රශ්න තිබුනෙ නෑ - කුසල් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම තරග ජයග්රහණය කරන විට ශ්රී ලංකාවේ දැන් ඔය කියන ප්රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය වූ පමණින් පුහුණුකරුවන් ඉවත් කළ යුතු යැයි නොසිතන බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද (5) පස්වරුවේ පැවසීය. 05 November 2023
ජනපති තරුෂි හමු වෙයි ආසියා ක්රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (5) සිදු විය. 05 November 2023
රුසියානුවන්ගේ කාමරයට සුද්දයක් දී ගවුමක් ඇදගෙන පැනලා රුසියන් ජාතික යුවළක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි . 05 November 2023
කොළඹ - බදුල්ල මාර්ගය හය වැනි වරටත් අවහිර වේ කොළඹ-බදුල්ල ප්රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද සවස පස්කන්දක්, ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති පොලිසිය කියයි. 05 November 2023
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්යාප්ත ජනමත විමසුමේ නවතම ප්රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්රකාශ කළේය. 05 November 2023
සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක් ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 05 November 2023
යුක්රේන-ඊශ්රායල නායකයින් අතර හමුවක් ? යුක්රේනයේ සහ ඊශ්රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් හාරෙට්ස් ඊශ්රායල පුවත්පත වාර්තා කර ඇත. 05 November 2023
ආයතන 5ක ලොක්කෝ මේ සතියේ මැතිසබයට දූෂණ වංචා සහ අක්රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්රධානීහු පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට මේ සතියේ කැදවෙති. 05 November 2023
ටී10 ක්රිකට් තරගාවලියේ වෙන්දේසියත් කල්දමයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. 05 November 2023
ඇමෙරිකන් රාජ්ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය. 05 November 2023
ඊශ්රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක් ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්රාණ ඇපයේ සිටින ඊශ්රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී. 05 November 2023
මිතුරාට ඇප දෙන්න බීමතින් ඇවිත් පොලිස් නිලධාරියෙක්ට ගහලා මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 05 November 2023
ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි උඩප්පුව ප්රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින් වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 05 November 2023
ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි තම දරුවන් ප්රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 05 November 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දූම්රිය ස්ථාන අතර ප්රදේශයේදී දූම්රිය මාර්ගයට අද (05) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් දූම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 05 November 2023
සෞඛ්යය ලොක්කියක් මෙහෙ ඉඳන් විදේශ පුහුණු දීමනාවක් අරගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්ය අධ්යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත් කෙරුණු අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 05 November 2023
තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි අටුලුගම මාරාව ප්රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පිය පුතු දෙපළකට පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 05 November 2023
අපි උදව් කරන්නේ කයිය නොගහන නායකයකුට පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. 05 November 2023
පලස්තීනයේ සිටි ලාංකිකයෝ 11ක් එති පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 05 November 2023
පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීම් හතරක් වහාම ක්රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇත. 05 November 2023
කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා කයිට්ස් කරෙයිනගර් ශිවන් කෝවිල් භූමියේ බැඳ සිටියේ ගවයන් 15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක් සොරාගෙන ගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කයිට්ස් පොලසිය පවසයි. 05 November 2023
පස් කන්දට යටවී දෙදරු මව මරුට තෙල්දෙණිය ප්රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම වෙළෙඳ සැල තුළ සිටි 36 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය කියයි . 05 November 2023
දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 05 November 2023
විහාරමහාදේවි උද්යානයේදී උද්ඝෝෂණයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය කොළඹ විහාරමහාදේවි උද්යානයේදී අද(05) පෙරවරුවේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූවේය. 05 November 2023
යුක්රේනයට අවදානය අඩුවෙලා ඊශ්රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 05 November 2023
විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි කොළඹ විහාරමහා දේවී උද්යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 05 November 2023
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. 05 November 2023
නේපාලයට තවත් භූමි කම්පාවක් නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය. 05 November 2023
වන සත්තු වසරකට බිලියන 20ක් කාබාසිනියා කරති වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 November 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026