
(යොහාන් භාසුර, දිල්ලිහි 'අරුන් ජෙට්ලි' ක්‍රීඩාංගණයේ සිට...)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාවේ දැන් ඔය කියන ප්‍රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය වූ පමණින් පුහුණුකරුවන් ඉවත් කළ යුතු යැයි නොසිතන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද (5) පස්වරුවේ පැවසීය.
පුහුණුකරුවන් ඉවත් කිරීම කියන කාරණය සිය පාලනයේ ඇති දෙයක් නොවීම නිසා ඒ පිළිබඳව වැඩිය කතා කළ නොහැකි බව කී කුසල් මෙන්ඩිස් එවැනි තීරණ ගැනීමට වෙනත් පිරිසක් සිටින බව ද බව ද සඳහන් කළේය.
තරගයක් පරාජය වූ පමණින් සිය කණ්ඩායම දුර්වල කණ්ඩායමක් යැයි කිසිවිටක ප්‍රකාශ නොකරන බව කී කුසල් මෙන්ඩිස් මෙම තරගයට පෙර තරග කීපයක් පරාජය වුවද එම තරග වලදී ද කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කළ බවත්ය.
මෙම ක්‍රීඩකයන් සමග කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන බවත් මෙම කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමක් බවට ද පත් විය හැකි බවත් කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් කීය.
දිල්ලි නුවර, අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (5) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී කුසල් මෙන්ඩිස් එසේ පැවසීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය එම ක්‍රීඩාංගණයේදී හෙට (6) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාද වුණාට කමක් නෑ. නිර්වස්ත්‍ර වුණු එකයි වරද... දැන් තියෙන්නේ හේනක්, කුඔුරක්වත් කොටාගෙන ඉන්න එක තමයි...!
අනේ යමන් යන්න... ක්‍රිකට් පුළුවන් නම් මාස 6... මාසෙකට 100000 ක්‍රිකට් ගහලා පෙන්නන්න.
මෙතන කියන්නේ පරාද වෙන එක නෙමෙයි .පැරදුනත් තරඟයක් දෙන එක /අනික් කණ්ඩායම් එක්ක බලනකොට අපේ කණ්ඩායමේ කණ්ඩායම් හන්ගීමෙන් ක්‍රීඩා කරනවා පේන්නේ නෑ
කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමක් බවට ද පත් විය හැකි නොව පත් කලයුතු වේ. ඒ සදහා අවශ්‍ය කරනාවූ නව නිර්දේශ, නව පරිපාලනයක්, තේරීම් කාරක සබාවට හෝ පුහුණු කරුවන් පිරිසක් පළමුව $ පිලිබදව හෝ මුදල් මතම ක්‍රියා නොකරන ප්‍රවීනයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. ක්‍රීඩාව කඩාවැටුණු අවස්ථවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත සංවර්දනය සහ දියුණු කිරීමට විනයක් තිබිය යුතු අතර ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්ම අවංකවම කැපවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබද අද්දැකීම් සහිත දක්ෂ කණඩායමක් අවශ්‍ය වේ. ක්‍රීඩාව දේශපාලනයෙන් සහ පවුල්වල පාලනයෙන් තොර විය යුතුවේ..
ඔබේ මෝඩකම ඔබම තබා ගන්න, ඔබට ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කර ක්‍රීඩා දිනන්න බැරි නම් ගෙදර යන්න.
කොහේද ජය ලැබුවේ... ඕවා කියන්න අඟහරු ලෝකයේ අයට... නුඹලාගේ මැච් බලන මේ මිනිස්සු මහ මෝඩයින්. ඔබලා කවුරු අයින් කළත් ආයේ ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ. ලංකාවේ ආර්ථිකේ වගේ තමයි ඕකත්. මුලින්ම ක්‍රිකට් නෙවෙයි, විනය සහ නීතිරීති හරියට පිළිපදින්න. සංයමයක් නැති මොන දෙයක් වුණත්... රුවල නැති ඔරුව වගේ..
පොදුවේ ගත්කල දේශපාලකයෝ රිංගාගත් තැන විනාශයක් කියලා නොදන්නේ නොඉපදිච්ච ළමයි පමණි. අවුරුදු ගණනාවක් තිබුණු තුවාලය ගැන හරි අවධානය යොමුවූයේ විසන්ධි කිරීම හැර වෙන විකල්පයක් නොමැති වූ විටයි. උදාහරණයක් ලෙස අරගලය ගත හැකිය. දැන්වත් දේශපාලුවන්ගෙන් තොර අනාගතයක් ගැන සිතමු...
මුං ඔක්කොම එකම හොරු නඩයක්.. බෝර්න් අගේන් එකේ කල්ලිය.. සහයෝගයෙන් තම තමාගෙ පිට කහගන්නවා.. කුසල් මෙන්ඩිස් කියන්නෙ match 25කට විතර එක 75 ක් හරි 100 ක් හරි ගහලා ඊලග match 25ම fail වෙන චරිතයක්.. ඒ අතිං ලංකාව හරිම අවාසනාවන්ත රටක්.. ක්‍රිකට් ජීවිතයෙන් වැඩිම කාලයක් out of form ඉන්න ක්‍රීඩාකයෝ ඉන්නෙ ලංකාවෙ විතරයි...
හොරා අම්මාගේ තර්කය.
හිතවත් කුසල්; පුහුණු තරග 2ක් ඇතුළුව, මේ වන විට ඔබේ කණ්ඩායම ඉන්දියාවට පැමිණීමෙන් පසු තරග 9කට ක්‍රීඩා කර ඇති අතර ඔබේ කණ්ඩායම තරග 7ක් පරාජය වී ඇත. ඉන්දියාවට එරෙහිව මෑතකාලීන තරඟය අතරතුර, ඔබේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම විනාශ විය. එය හරියට ජාත්‍යන්තර කණ්ඩායමක් වයස අවුරුදු 13න් පහළ පාසල් කණ්ඩායමකට එරෙහිව තරගයක් ක්‍රීඩා කළාක් මෙනි. ඔබේ කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට මහජනතාවට අයිතියක් ඇත.
කට වහු
පරාජය වෙන්න පුළුවන් තරඟ මොනාද කියලා දන්නැද්ද?
බංගලියන්ගෙන් කාපුවහමත් කට වැඩකරයි. ලැජ්ජාවක් නෑ...
පුහුණුකරුවන් නොවෙයි ඔබත් ඇතුළුව කණ්ඩයමේ සියලුම දෙනා ( ඔක්කොම ලෙඩ්ඩු - එකෙකුටවත් පුරුෂ ශක්තිය නැහැල්ලු ) ) ඉවත්කළ යුතුයි.අලුත්ම ක්‍රීඩකයින් පිරිසක් තෝරා පුහුණුකළ යුතුයි.ගමේ ගොඩේ ඉන්න ශක්තිමත් තරුණයින් අතරින් කණ්ඩායම් 3 ක් තෝරා පුහුණු කලයුතුයි.කොළඹ උන් එකෙක්වත් කණ්ඩායමට වද්දා නොගතයුතුයි.අතිදක්ෂ පාලකයින්ගෙන් සමන්විත ( ආනා පුංචිහේවා මහත්මයාගේ කාලේ වගේ ),කිසිම දේශපාලන " සිපයියෙක් " ගෑවිලාවත් නැති පාලක මණ්ඩලයක් පත්කළ යුතුයි.ඒ සියල්ලටම කලින් මේ පාර මුන් මැච් එක වික්කාද කියා පරීක්ෂණයක් කල යුතුයි.එය අයි සි සි එකෙන් මිසක් ලංකාවේ මණ්ඩල වලින් නොවිය යුතුයි.
දේශපාලකයෝ වගේ යන්න අදහසක්ම නෑ
දිනපු දවසක් මටනම් මතකම නෑ
ප්‍රශ්න නොතිබුණා නෙවෙයි මලයා. දිනුමේ ජය සැමරුමත් සමඟ ප්‍රශ්න එළියට ආවේ නැහැ විතරක් නෙවෙයි, ප්‍රශ්න එළියට එන්න දුන්නේ නැහැ. ඔයා දන්නේ ක්‍රිකට් ගහන්න විතරයි මලයා.
අන්ත පරාජය ප්‍රශ්නයක් නොවේද මහත්තයෝ...
ඔය වගේ ගොන් ප්‍රකාශයක් කරන්න ඔයාට කීයක් දුන්නද කොලුවෝ...?
වහලේ තියන හිල් පේන්නෙ වහිනකොට තමයි මල්ලි.
තරඟ දිනනවනම් කොහොමත් ප්‍රශ්ණයක් නෑ තමයි බන්. එතකොට මොකටද පුහුණුකරුවො මාරු කරන්නෙ.
තරග පරාජය වෙන එක සාමාන්‍ය දෙයක්. හැමදාම දිනන්න බෑ. ඒක අපි පිළිගන්නවා. නමුත් ඔබ ඇතුළු කණ්ඩායම ක්‍රීඩා කරපු දුර්වල ක්‍රීඩා විලාශය ඉතාමත්ම කනගාටුදායකයි.
සුදුසුකම් ලබන වටවල තරඟ කරන නවක කණ්ඩායම් සමග පැවැත්වෙන තරඟ විතරක් දිනලා ක්‍රිකට් ගොඩගන්න බැහැ. තව දුරටත් ඔබලාට ඕනෑ විදිහට ක්‍රිකට් ගහන්න දුන්නොත් අපි කොදෙව් කණ්ඩායමට අත් වූ ඉරණමට වඩාත් අන්ත ඉරණමකට ගොදුරු වේවි. මාවන් අතපත්තුට, තිලකරත්න ඩිල්ෂාන්ට, දිනේෂ් චන්දිමාල්ට වෙච්ච දේවල් වලින් පස්සේ බිහිවෙච්චි නායකයා හැම විටම කුමන්ත්‍රණයක් හා සමානයි. ඒ වගේම සාමාන්‍ය කණ්ඩායමක් සමග පැවැත්වෙන තරගවලදී ලකුණු ගත් පමණින් ඹහු දක්ෂයකු වන්නේද නැහැ.
තරගයක් පරාජය වූ පමණින් කියලා කියන්නේ... මේ මනුස්සයාට තමන් දිනූ හා පැරදුණු තරග ප්‍රමාණයවත් මතක නෑ වගේ... දැන් මෙයා කියන විදිහට තරග එකක් හා අනෙක් සියල්ල පැරදුණු ලංකාවේ ටීම් එක තමයි ලෝකයේ අංක 01 කියලා අපි පිළිගන්න ඕනෑද? විනයක් නැති, නිසි පුහුණුවක් නැති, තමන්ට ඇති වගකීම ගැන අවබෝධයක් නැති පුස්සන් ක්‍රිකට් පාලක මණ්ඩලේ, ටීම් එකේ පිරිලා...!
කටේ කයිවාරු නම් තියෙනවා... ලකුණු 50ක් ගහගන්න බෑ...
ගොන් පාට් දමන්න එපා හලෝ. කෙනෙකුට ලක්ෂ ගණන් වැටුප් ගෙවලා වගකීමක් බාර දෙන්නේ ඒක හරියටම කරන්න. ඒක වගකීම හරියට කරන තාක්කල් අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. පවරපු වැඩේ හරියට කරන්නේ නැතිනම් තමයි අපි කථා කරන්නේ. ඒකයි ක්‍රමය... තමන්ට පවරපු වගකීම හරියට කිරීම ප්‍රමෝෂන් එකක් ලැබීමට සුදුසු කමකුත් නොවෙයි, ඒකත් මතක තියාගන්න...!
අනේ කුසලානෙනි, ඔයා අනුන්ගේ පවුවලට කරගහන්න එපා. ඉස්සර ක්‍රීඩකයෝ වගේ වගේ වැදගත් මහත්තයෙක් වෙලා ක්‍රීඩාව දියුණු කරන්න බලන්න. ගිරා පෝතකයෙක්ගේ චරිතය නැති කරන්න එපා...
උනන්දුව, කැපවීම තියෙනවා නම්, ඕන රටක් පරාද කරන්න පුළුවන්... විනය රැකගැනීමත් 100%ක් අවශ්‍යයි. ඒක කරලා පෙන්නන්න. ඊට පස්සේ කතා කරමු. අපිට බැරිකමක් නෑ.
දැන් ඔය කට වගේම අර්ජුනටත් කටගහලා වැඩ පෙන්නන්න බලන්න...
පරදින්නේ නැති තරග නැහැ තමයි... නමුත් ලෝක කුසලාන දිනපු රටක් මෙහෙම ලැජ්ජාවට පත්කරන්න ඔබලාට තියෙන අයිතිය මොකක්ද? ක්‍රිකට් බැරි නම් වෙන රස්සාවක් පුරුදු වෙයල්ලා...
මෙම පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම අතිමහත් බව පෙනේ. විරාත් කෝලිගේ 49 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ කෙසේදැයි බලන්න. සම්පූර්ණයෙන්ම පිළිකුල් සහගතයි. මෙය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම නිගාවකි.
එකක් දෙකක් පැරදුනානම් ඔය කතාව හරි.ලකුණු 50ට දෙපාරක් අවුට් වෙලත් ලැජ්ජා නැතිහැටි..ඔය බොරු උද්දච්චකම තමා පරදින්න මූලිකම හේතුව.වැරදි පිලිගන්නේ නැහැ.මේ ට්මීී එකම ලබන සැරේ කප් එක දිනනවලු..මුන් එන පාර නේපාලයටත් පරදිනවා
මෙලෝ රහක් නැති නායකයා .රනිල් වගේ පිනටනේ ඉන්නේ
මහේලගේ පඩිය මාසෙට ඩොලර් 20000ක් කියලා ඇමැති කිව්වා... ඒක ඇත්ත නම් අපේ රටට අබ සරණයි.
මේකත් අර දේශපාලකයන්ගේ කතාවක් වගේ... මේ ඔක්කොගේම මොල කුණු වෙලා සල්ලිවලට...