සිංහබාහු චිත්රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා සම්මානලාභී චිත්රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ,’’ සිංහබාහූ’ සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්රධාන මහේස්ත්රාත් චාමර වික්රමනායක මහතා නියෝග කළේය. 25 July 2024
අපුරේ වැව්වල මල් බද්දට දීලා අනුරාධපුරයේ වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම සම්බන්ධයෙන් අනුරාධපුර ජනතාව දැඩි ලෙස විරෝධය දක්වති. 25 July 2024
රනිල්ට සහාය දෙන බව පොහොට්ටු මන්ත්රීවරු මහින්දට කියති ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්ය අමාත්යවරුන් ඇතුළු මන්ත්රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (25)දැනුම් දී තිබේ. 25 July 2024
පිටිගල අනතුරකින් දෙකක් මරුට:දෙකක් රෝහලට පිටිගල - නියාගම මාර්ගයේ මත්තක ප්රදේශයේ අද පස්වරුවේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් දෙදනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පිටිගල පොලීසිය කියයි. 25 July 2024
ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට ග්රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි. 25 July 2024
මූල්ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි රාජ්ය මූල්ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. 25 July 2024
රනිල්ට උදව් කළොත් පක්ෂය දෙකට කැඩෙනවා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 25 July 2024
ඡන්ද දෙකටම අපි සූදානම් යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 25 July 2024
මාධ්යවේදීන්ටත් තැපැල් ඡන්දය? නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්යවේදීන්ට තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 25 July 2024
මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය . 25 July 2024
’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. 25 July 2024
’’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය. 25 July 2024
‘‘ව්යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්යයි‘‘ රටට මේ මොහොතේ අවශ්ය ව්යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කළේය. 25 July 2024
තිලංගට අතුරු තහනමක් ශ්රී ලංකා නිදන්ස් පක්ෂ ප්රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කළේය. 25 July 2024
පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක් පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 25 July 2024
ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
විපක්ෂයට රැකවරණය දෙන්නෙ පාතාලය විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජනරල් ලිමිටඩ් විසින් සංවිධාන කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’යන තේමාව යටතේ පසුගිය දා මීගමුව Jetwing Blueහෝටලයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 25 July 2024
වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්රහාරයක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 25 July 2024
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
ගඩලාදෙණිය ගෙඩි ගෙට වහලක් ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
විජයදාසත් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්රයේදී විශේෂ මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්රකාශ කළේය. 25 July 2024
වත්කම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට රාජ්ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ගැසට් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
පොහොට්ටුවේ 48ක් තැන් දෙකකදී රැස්වේ ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්ය අමාත්යවරුන් පසුපෙළ මන්ත්රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 July 2024
ධීවර යාත්රාව පරීක්ෂා කරන්න ගිය නාවික භටයින්ට පහරදීලා ත්රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කළ බව ත්රිකුණාමල වරාය පොලීසිය කියයි. 25 July 2024
ආනයනය අපනයන පාලනයට රෙගුලාසියක් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
ආචාර්ය වික්රමබාහුට පාර්ලිමේන්තුවේ සොව පළ වෙයි නව වාමාංශික පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව ශෝකය පළ කළේය. 25 July 2024
තුන්හැවිරිදි දරුවාට වද දුන් පියා අත්අඩංගුවට සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී දිවි තොරකර ගනිමුයි යෝජනා කරමින් දරුවා කෘරත්වයට පත් කරන පියෙකු ඊයේ(24) රාත්රියේදී කරන්දෙණිය අනුරුද්ධගමදී සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 25 July 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026