විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා ඇඹිලිපිටිය හල්මිල්ල විදුහලේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇතැයි මොනරාගල දිස්ත්රික් මන්ත්රිනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 March 2025
දරුවන්ට දඬුවම් තහනම් කරන පනතක් ළඟදීම දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
දරුවන්ට කාන්තාවන්ට ජනපති කාර්ය සාධක බලකා දෙකක් හදන්න දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
ජනපති-අයි.එම්.එෆ් අධ්යක්ෂ ඔන්ලයින් හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්රමවේදය ඔස්සේ පැවැත්විණි. 08 March 2025
දුම්රිය පොළට ප්රමිති සහතික සියලුම දුම්රිය පොළවල් ශ්රේණිගත කිරීමට කටයුතු කරන බව ප්රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
පිරිමින්ගේ ලෝකෙ කාන්තාව හරි පුංචියි පිරිමින්ගේ ලෝකය ඇතුළේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක් යැයි මාතලේ දිස්ත්රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය. 08 March 2025
ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල වතුර: වාර්තාවකින් හෙළිවෙයි පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
පුනරුද ගමනට එක්වන්නැයි කතුන්ට ආරාධනා දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 08 March 2025
අරගල කළ ගැහැණියට ස්තුතියි අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්රණාමය පුද කරන බව අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් පැවසුවාය. 08 March 2025
භූතයාට තරුණයා බිලි ගොයම් කපන (භූතයා ) යන්ත්රයක් ට්රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි . 08 March 2025
හෙට අනිද්දාට පවතින කාලගුණයේ සුළු වෙසනක් වියලි කාලගුණ තත්වය වෙනසක් සිදු කරමින් මෙම 10 සහ 11 දිනවල නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 08 March 2025
ගණිත ගුරා කැත වැඩක් කරලා දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන දිඹුලාගල අධ්යාපන කලාපයේ මහා විද්යාලයක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 March 2025
ඇතාගේ දළ කැඩූ ටිපර් රියැදුරා රිමාන්ඩ් හබරන මරදන්කඩවල ප්රධාන මාර්ගයේ ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු හප්පා ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය. 07 March 2025
කහටගස්දිගිලිය රෝහලේ අරුම පුදුම X-RAY යන්ත්රය රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කොට ඇත. 07 March 2025
කාර්මික විද්යාලයේ සිසුහු තිදෙනා මත්ද්රව්ය සමග මාට්ටු රත්මලාන ප්රදේශයේ ප්රසිද්ධ කර්මික විද්යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු අද ( 07) සවස මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 07 March 2025
පොලිසිය යද්දී හිටපු රාජ්ය ඇමති ප්රසන්න පලායයි කිරිබත්ගොඩ ප්රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 07 March 2025
ජාතික සත්ව සංගණනයට සියල්ල සූදානම් ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්රණාල විසින් මුද්රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්යාංශයේ අධ්යක්ෂක හේමන්ත අමරසිංහ (කෘෂි තාක්ෂණ) මහතා සඳහන් කරයි. 07 March 2025
මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී මත්තල ජාත්යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පැවසීය. 07 March 2025
පරිසරයට අදාල සියලු ආයතන පරිසර අමාත්යංශය යටතට ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන පරිසර අමාත්යාංශය යටතට ගැනීමට රජය තීරණය කර ඇත. 07 March 2025
මහාචාර්ය යුවළගෙන් ලක්ෂ 50ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 07 March 2025
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කරයි වැලිගම පැලෑණ ප්රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හල වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ වැඩ තහනම් කල බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසීය. 07 March 2025
පර්පචුවෙල් සමාගම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවයි ශ්රී ලංකා මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් කළේ යැයි කියන සැකකාර පර්පචුවෙල් ට්රෙසරිස් සමාගම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (07)නියෝග කළාය. 07 March 2025
“ක්ලීන් ශ්රී ලංකා” බලකාය ජනපති හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 07 March 2025
පියුමිගේ ව්යාපාර ගැන අධිකරණය අද දුන් නියෝගය නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්ය උපකරණ බෙදා හැරීමේ ව්යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරමින් අද (07) නියෝග කළේය. 07 March 2025
අල්ලස් ගත් SI - PC රිමාන්ඩ් පැමිණිල්ලක් විභාග කර නීතිය ක්රියාත්මක නොකර සිටීමට ව්යාපාරිකයෙකුගෙන් රුපියල් තිස් දහසක අල්ලසක් ලබාගත්තේ යැයි කියන ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) නියෝග කළාය. 07 March 2025
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 8කට ස්ථාන මාරු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්රියන්ත විරසූරිය මහතාගේ උපදෙස් පරිදි ස්ථාන මාරු ලබාදී ඇත. 07 March 2025
කජ්ජා ඝාතකයා සියල්ල වමාරයි දරුවන් සිටින නිසා වෙඩි තැබීමට බෑ කීවත් යතුරුපැදිකරුගේ බල කිරීම මත මිද්දේණියේ කජ්ජා සහ දරුවන් දෙදෙනාට වෙඩි තිබූ බව මිද්දෙණියේ පියකු සහ දරුවන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ප්රශ්න කිරීම් හමුවේ මිද්දෙණිය පොලිසියට පවසා ඇත. 07 March 2025
පානදුර - හොරණ අධිවේගී බස් වර්ජනයක දක්ෂිත අධිවේගී මාර්ගයේ පානදුර - කඩවත සහ හොරණ - කඩවත සුඛෝපභෝගී බස් රථ ගාස්තු ගැටලුවක් හේතුවෙන් අද (7) ධාවනයෙන් ඉවත්ව සිටියේය. 07 March 2025
හිටපු මන්ත්රී 26ක් කුණු කොල්ලෙට රජයෙන් ගෙවල් අරන් හිටපු මන්ත්රීවරුන් 26 දෙනකු කුණු කොල්ලෙට නිවාස ලබාගෙන රජයට රුපියල් විසි දෙකෝටි විසි ලක්ෂයක මුදලක් පාඩු කර ඇතැයි මුදල් නියෝජ්ය අමාත්ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 March 2025
පාසල්වල මුදල් එකතු කරනවා නම් දන්වන්න අධ්යාපන ප්රතිපත්ති නිසි ලෙස ක්රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්බුධ ගණනාවක් උද්ගතව ඇති බවත් පාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්යාපන අමාත්යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 07 March 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026