IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 8කට ස්ථාන මාරු

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතාගේ උපදෙස් පරිදි ස්ථාන මාරු ලබාදී ඇත.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා දැනට පවතින තනතුරේ සිට අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරු සඳහාත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.කේ.ඩී. පලිස්කාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී. තිලකරත්න ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට සැපයුම් අංශය භාර අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇත.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී මැදවල මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ ආරක්ෂ කොට්ඨාස අධ්‍යක්ෂක ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජී දර්ශන මහතා  අධිකරණ කොට්ඨාස භාර අධ්‍යක්ෂ තනතුරේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී.රත්නවීර මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට මුලතිව්  කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ කේ.එන් ගුණවර්ධන පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්කර ඇත.



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 8කට ස්ථාන මාරු

රම්බොඩ Friday, 07 March 2025 10:01 PM

හොඳ වෙලාවට මේ අණ්ඩුව දේශපාලනීකරණය කරන්නේ නෑ. කරන්නේ මාලිමාකරණය... අන්තිමට රටක් ඉතිරි වෙයිද දන්නේ නෑ.

:       11       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site