
(රෝෂන් තුෂාර)
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරමින් අද (07) නියෝග කළේය.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ. තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවය.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියුමිගේ ව්‍යාපාර ගැන අධිකරණය අද දුන් නියෝගය
ගුණරත්න Friday, 07 March 2025 08:14 PM
මාලිමාවුන් ආවාට පස්සේ පොලිසියේ අය තමන්ට අදාළ නැති රාජකාරි කරනවා, සුද්දියන්ට අඩන්තේට්ටම් කරනවා... කාන්තාවන්ට අතවර කරනවා, කෝ ඉතින් ඔය මාලිමාවුන් කියපු වගවීම...?
ලූට මූස්Friday, 07 March 2025 09:44 PM
අගුනේ අයියා, ඕවා එකක්වත් ඒකාලෙ සිද්ධ වුනේ නෑ නේ…?
ප්‍රියන්තFriday, 07 March 2025 09:53 PM
මේ ගුණරත්න චිංචිමාලිගේ සේවා ලාභියෙක් වගේ…!
පොඩිඑකා Friday, 07 March 2025 09:46 PM
වෙන වෙන සේවා දායකයන්ගෙන් ප්‍රශ්න කරලා වෙන වෙන සේවාවන්ට බාධාවෙලා නැතෙයි…?
පිංපියා Friday, 07 March 2025 09:50 PM
ගණුදෙනු කාරයින්ගෙන් ප්‍රශ්ණ කරලා අනිත් බිස්නසුත් බැහැලාද?
රම්බොඩ Friday, 07 March 2025 10:00 PM
කැකිල්ලේ දේවල් තමයි දැන් වෙන්නේ. අන්තිමට හොරා එළියේ පොලීසිය ඇතුළේ. රටම උඩු යටිකුරු වෙලා මහා විනාශයක් වෙන පෙරනිමිති තමයි මේ...!
ප්‍රියන්තSaturday, 08 March 2025 02:48 AM
ඒකනං ඇත්ත රම්බොඩ අප්පු, ඔයාගෙ ආදරණීය හොර හැත්තට මහ විනාශයක් තමයි වෙන්න යන්නෙ
කව්ද බෝයි Friday, 07 March 2025 10:16 PM
පෙනෙන හැටියට ගුණේ අයියට මලිමාවෙක් බලපෑම් කරලාද කොහේද? මේක අපෙ ගුණේ අයියගෙ බජව් දාන කාමරේ...
de silva berlin Saturday, 08 March 2025 02:37 PM
මේක මුදල් විශුධිකරණ, එහෙම නැතිනම් කළු සල්ලි සුදු කරන ජාවාරමක් සම්බන්ධ නඩුවක්, එහෙම විමර්ශනයකදී, විමර්ශකයන්ට සිද්ධ වෙනවා... බිල්වල නම සඳහන් පාරිභෝගිකයින් සත්‍ය වශයෙන්ම සිටිනවාද? එහෙම නැතිනම් බොරු (FAKE Customers ) ලද, බිල්වල සදහන් මිල ගණන් සත්‍යද, කියලා සහතික කරගන්න. එහෙම වුණාම ලෝකේ මොන රටේ වුණත් විමර්ශකයෝ මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන එක සාමාන්‍ය දෙයක්..., ආදායම් බදු දෙපාර්තමේන්තුවට වුණත් අපි ලිය කියැවිලි ඉදිරිපත් කළාම ඒවාගේ සත්‍ය අසත්‍ය භාවය පරික්ෂා කරලා බලන්න නිලධාරීන්ට නීතියෙන් ප්‍රතිපාදන ඇත..