
(රෝෂන් තුෂාර)
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරමින් අද (07) නියෝග කළේය.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ. තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවය.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවුන් ආවාට පස්සේ පොලිසියේ අය තමන්ට අදාළ නැති රාජකාරි කරනවා, සුද්දියන්ට අඩන්තේට්ටම් කරනවා... කාන්තාවන්ට අතවර කරනවා, කෝ ඉතින් ඔය මාලිමාවුන් කියපු වගවීම...?
වෙන වෙන සේවා දායකයන්ගෙන් ප්‍රශ්න කරලා වෙන වෙන සේවාවන්ට බාධාවෙලා නැතෙයි…?
ගණුදෙනු කාරයින්ගෙන් ප්‍රශ්ණ කරලා අනිත් බිස්නසුත් බැහැලාද?
කැකිල්ලේ දේවල් තමයි දැන් වෙන්නේ. අන්තිමට හොරා එළියේ පොලීසිය ඇතුළේ. රටම උඩු යටිකුරු වෙලා මහා විනාශයක් වෙන පෙරනිමිති තමයි මේ...!
පෙනෙන හැටියට ගුණේ අයියට මලිමාවෙක් බලපෑම් කරලාද කොහේද? මේක අපෙ ගුණේ අයියගෙ බජව් දාන කාමරේ...
මේක මුදල් විශුධිකරණ, එහෙම නැතිනම් කළු සල්ලි සුදු කරන ජාවාරමක් සම්බන්ධ නඩුවක්, එහෙම විමර්ශනයකදී, විමර්ශකයන්ට සිද්ධ වෙනවා... බිල්වල නම සඳහන් පාරිභෝගිකයින් සත්‍ය වශයෙන්ම සිටිනවාද? එහෙම නැතිනම් බොරු (FAKE Customers ) ලද, බිල්වල සදහන් මිල ගණන් සත්‍යද, කියලා සහතික කරගන්න. එහෙම වුණාම ලෝකේ මොන රටේ වුණත් විමර්ශකයෝ මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන එක සාමාන්‍ය දෙයක්..., ආදායම් බදු දෙපාර්තමේන්තුවට වුණත් අපි ලිය කියැවිලි ඉදිරිපත් කළාම ඒවාගේ සත්‍ය අසත්‍ය භාවය පරික්ෂා කරලා බලන්න නිලධාරීන්ට නීතියෙන් ප්‍රතිපාදන ඇත..