ගනුදෙණුකරුවන්ගේ මුදල් කෝටි 4 ක් අවභාවිතාවේ - දකුණේ සමූපකාර ඇමති හබරාදුව විවිධ සේවා සමුපාකාර සංගමයට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම නිසා ගනුදෙනු කරුවන් විශාල පිරිසක් විශාල අපහසුතාවයකට ලක්වී ඇතැයි අනාවරණයවේ. 19 May 2017
ලක්ෂ 32 ක රට මත්පැන් - සිඟරට් අත්අඩංගුවට මීගමුව - කොප්පරා හන්දියේ සුපිරි වෙළද සැළක අලෙවි කිරීමට ගබඩා කර තිබූ බව කියන විදේශීය මත්පැන් බෝතල් 207 ක් සහ දුම්වැටි ඇසුරුම් 27 ක් අද(19) අත්අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි. 19 May 2017
මහබැංකුවේ හිටපු අධිපතිගේ බෑණා කොමිසම හමුවට ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (19) දැනුම් දුන්නේය. අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය. 19 May 2017
විල්පත්තුවේ නිධන් හෑරූ දෙදෙනෙක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික උද්‍යානයේ පල්ලිවාසම්කුලම් ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ජල මෝටරයක්, ඇතුළු උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවී කාර්යාලය කියයි. 19 May 2017
ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 May 2017
කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සිටි සේවකයෙක් තවමත් අතුරුදන් වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි. එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද වාර්තා වේ. 19 May 2017
වනඅලි පහරදීමකින් දැරියක් මරුට වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 May 2017
නාවික හමුදා රණවිරු සැමරුම් උළෙලින් අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමී උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි. 19 May 2017
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරෙයි රුපියල් මිලියන 316 ක මුදලකින් ඉදිවූ මන්නාරම් නව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අද (19 ) විවෘත කිරීමේ උත්සවය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. 19 May 2017
අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. 19 May 2017
දුන්හිඳදී වෑන් රියක් ප්‍රපාතයට යාමෙන් දෙදෙනෙක් මරුට බදුල්ල-මහිංයගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 19 May 2017
කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවූ අයෙක් මරුට කඩා වැටුණු වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයකු බේරාගෙන ඊයේ (19) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි පවසයි. 19 May 2017
පිළියන්දලදී වෙඩි වැදුණු සිසුවිය මරුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. 19 May 2017
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ. 19 May 2017
වසර හතරකට පසු රතුපස්වල මූනිස්සම් සොයයි ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළේය. 18 May 2017
සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ. 18 May 2017
මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් රවීගෙන් දින රහිත ලිපියක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් දිනයක් රහිත ලිපියක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහා බැංකුවේ අධිපතිවරයාට යවා ඇතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහා භාන්ඩාගාරයේ මෙහෙයුම් අධක්ෂක ජනරාල් (විශ්‍රාමික) එම්.එස්.ඞී. රණසිරි මහතා පැවසීය. 18 May 2017
ආණමඩුව සමූපකාරයේ ඇතිවෙන්නට ගිය ගැටුම පොලිසියෙන් වළකයි ආණමඩුව විවිධ සේවා සමුපකාර ජන්දයෙන් තේරි පත්වු නියෝජිතයින් පිරිසෙන් අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අද (18) කැඳවා තිබු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බාධා කරමින් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුම පොලිස් නිලධාරින් මැදිහත්වීමෙන් වැළකී ගියේය. 18 May 2017
ලබන සඳුදා වරුවක් වෛද්‍යවරු වර්ජනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලබන සඳහා (22) වරුවක වෛද්‍ය වැඩ වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2017
ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ලියාපදිංචිය දෙන්නේ නැහැ - මහාචාර්ය කාලෝ “ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය. 18 May 2017
වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 21 කට තුවාලයි වැල්ලවත්ත සැවොයි අසල තට්ටු පහඩනැගිල්ලක් කඩා වැටී 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි. 18 May 2017
රජීව් ගාන්ධි ඝාතනයේ චූදිත මුරුගන්ට මව හමුවීමේ අවසරය ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයකුව එරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මුරුගන් නැමැත්තාට වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණ සිටින ඔහුගේ මව මුණගැසීමට මදුරාසි මහාධිකරණය විසින් අද (18) අවසරය ලබා දී ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කරයි. 18 May 2017
මුතූර් පොලිසියේ ලොක්කා පුත්තලමට මාරු ත්‍රිකුණාමලය මුතූර් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වන පිරිදි පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබ තිබේ. 18 May 2017
කෝප් වාර්තාවට අභියෝග කළ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 8 දා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය. 18 May 2017
කෝටි තුනහමාරක රන් අබරණ ගෙනැවිත් රේගුවට අසුවෙයි රුපියල් තුන් කෝටි තුනහමාරක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ 27 හැවිරිදි ගුවන් සේවකයෙකු අද(18) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි. 18 May 2017
නුවරඑළියේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන 23 ක් රෝහලේ නුවරඑළියේ සිට පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් 23 දෙනකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. තුවාල ලැබූ අය අතර පාසල් ළමුන් කිහිපදෙනකුද සිටින බව පොලිසිය කියයි. 18 May 2017
ගස් කඩා වැටීමෙන් කැළණි මිටියාවතේ දුම්රිය ගමන් නවතී අධික වර්ෂාවත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට ඇතැයි දුම්රිය පාලන අධිකාරිය පවසයි. උඩහමුල්ල, පැඟිරිවත්ත සහ නුගේගොඩ ප්‍රදේශවල දී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇතැයි කියති. 18 May 2017
අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති අතර ග්රෑැන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරුළපන ඇතුළු කොළඹ ප්රරදේශ රැසක වාහන තදබදයක් ඇති වී තිබේ. 18 May 2017
ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18) කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. 18 May 2017
පිටු 1200 ක නඩු වාර්තාව ගැන උපදෙස් ගැනීමට දීර්ඝ කාලයක් ඉල්ලයි හම්බන්තොට වරායේ චින සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට විරෝධය පළකරමින් අම්බලන්තොට දී ඉකුත් ජනවාරී 07 වැනිදා පැවැත්වූ විරෝධතාව සම්බන්ධ නඩුවේ පිටු 1200 කින් යුත් නඩු වාර්තාව පරිශීලනය කරමින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(18) ඉල්ලුවේය. 18 May 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026