ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති හමුවූ මෙම පිරිස ඔහු රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.