වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය.
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර, ඔහුගේ කොළඹ පිහිටි නිවසේ අද පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.
නමුත් අද පැවැති සාකච්ඡා පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බව වෘත්තීය සමිති ආරංචි ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ විධායක සභාව රැස්වී වර්ජනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් පසුගිය සිකුරාදා(8) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටියේ සේවයට නොපැමිණෙන සියලු දුම්රිය සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවයි.
කෙසේ නමුත් මේ වනතුරු වර්ජන ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්වෙන අතර දුම්රිය කිහිපයක් පමණක් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනු දැකිය හැකිවිය.
මේ අතර සති අන්ත නිවාඩුවට ගම් බිම් බලාගොස් යළි පැමිණෙන මගීන් අද(10) සවස දැඩි අපහසුතාවයට පත්වූ අතර හෙට සඳුදා දිනයේද (11) රාජකාරී සඳහා පැමිණීමට නියමිත මගීහු ද දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති.
විශේෂයෙන්ම අඟහරුවාදා (12) ඇරැඹීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ටද දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ජනතාව පෙන්වා දෙති.
කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුවක් නොවන අයුරින් දුම්රිය වර්ජනය නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ පාලකයන් නැද්ද? ඕන කෙනෙකුට වර්ජන තුලින් ජනජීවිතය අඩාල කරන්න පුළුවන්. පාලකයන්ගේ යුතුකමක් මහජනතාව ආරක්ෂා කිරීම. හැම පාලකයාම ජනතාව පාවිච්චි කරනවා විතරයි. මිනිසුන්ට අවශ්‍ය දේ කරන්නේ නෑ.
වැඩ වර්ජනය කරලා මහා ජනතාව බිල්ලට අරගෙන ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් රජයේ සේවකයෝ අසාමාන්‍ය ආකාරයට වැටුප් සහ දීමනා ලබාගන්නවා ඊට සමාන්තර අනෙකුත් අංශ වල රජයේ සේවකයින්ට ලැබෙන්නේ මොවුන්ට ලැබෙන වැටුපෙන් සියයට 50 කටත් වඩා අඩු වැටුපක් .
නියමුවන් නැතිව යන්න පුළුවන් අලුත් තාක්ෂණ දැන් බිහිවී තියෙනවා. ටොයෝටා, වොල්වෝ වැනි අලුත් එන්ජින් ගෙන්වාගෙන පෙට්ටි දෙකක් තුනක් ඇති... කුඩා කෝච්චි වශයෙන් නියමුවන් නැති සේවයක් ගෙනයාමට කාලය එලැඹී තියෙනවා. ඕනෑනම් තත්පර ගණනින් ටයිම්කර යවන්න පුළුවන්. මේ ගොල්ලන්ට තුන්සිය හැටපස් දවසෙම ස්ට්‍රයික් දමාගෙන, කාලා ඉතා සන්තෝෂයෙන් කල් ගතකරන්නට පුළුවන්...
අද දවස ඇතුළත වර්ජනය අවසන් විය යුතුයි !
මම අපොස උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ 1994. දෙවනවර අපොස උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ 1995. මෙම විභාග දෙකේදීම දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනය කලා අපේ උසස්පෙළ විභාගයට මුහුණ දුන්න සිසුන්ගේ ජීවිත පරණ ඇපයට සහ බිල්ලට අරගෙන. අපි විභාගයේදී පුදුම දුකක් වින්දා පාසලට පැමිණෙන්න. සමහරුන්ට විභාගයට නිසි වෙලාවට එන්න ලැබුනේ නැහැ. ලංකාවේ ඉන්න රජයේ සේවකයෝ ටික ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තමයි.
සිංගප්පූරුවේ අධිපතිගේ තීරණය එහි ගුවන් සමාගම වෙනුවෙන් ගත්තු විදිහට කරන්න. සේරම අහක දාලා අලුත් තරුණ රැකියා විරහිත කට්ටියට අවස්ථාවක් දෙන්න. සමහරවිට සති දෙකක් හරියට වැඩ වෙන්නේ නැති වේවි. නමුත් ඊට පසු හරියට වැඩ කරාවි. වැඩ අල්ල ගත්තට පසු. මිනිසුනේ සති දෙකක් දුක් විඳින්න දුම්රිය හරියට නැතිව. ඊට පසු හොදට වේවි!!!
මොවුන්ගේ වැටුප ලක්ෂ 2ටත් වැඩියි. තවත් තණ්හාවම තමයි.
මේ රටේ රජයේ සේවකයින් පමණද ජීවත් වන්නේ? බලයට ඒමට සැමදාම බලය පවත්වා ගැනීමටත් සෑම ආණ්ඩුවක්ම කලේ මෙම රාජ්‍ය සේවකයින් පිනවපු එක හැර වෙන කිසිවක් කලේ නැත.
අඛණ්ඩ වැඩ වර්ජනයක් බැවින් හා මහජනතාවට දෛනිකව අත්‍යාවශ්‍ය සේවාවක් බැවින් වගකිවයුතු රජයක් වශයෙන් සේවාව පවත්වා ගැනීමට සෘජු පියවර ගත යුතුයි. හැබැයි ප්‍රායෝගික විය යුතුයි. අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබුණේ නියමිත දින සිට සේවයට වාර්තා නොකරන සේවකයින් හා නිලධාරීන් නැවත සේවයට වාර්තා කරන තෙක් කාල පරාසය වැටුප් රහිත නිවාඩු ලෙස සලකා කටයුතු කරන බවයි. සේවය හැර යාමේ නිවේදන නිකුත් කිරීමෙන් සිදුවන්නේ ඔවුන් නැවත සේවයේ පිහිටුවා එම කාල පරාසයට ද නිකරුණේ වැටුප් ගෙවීමට සිදුවීමයි.
අත්‍යාවශ්‍ය සේවාව කිව්වට මේ අයට තේරෙන්නේ නැහැ. මොකද මේ කට්ටියට ඕනෑ තරම් සල්ලි තියෙනවා. මොකද ලොකු වැටුපක් ගන්න නිසා. වෙන රටක නම් මෙලහකටත් මේ කට්ටියගේ වැඩ තහනම් කරලා ඉවරයි. අලුතෙන් කට්ටිය අරන් දීලා බලන්න ජනතාව මාසයක් හරි ඉවසීමෙන් ඉන්නවා. හොඳ තත්වෙට එනකන්. මෙයාලගෙන් එක් අයෙකුගේ වැටුපට අලුතෙන් දෙන්නෙක් ගන්න පුළුවන්.