ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කළ බව දේශපාලන ආරංචි පවසයි.
අද (10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමූ වූ විජේවික්‍රම මහත්මිය ජනපති ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කළාය. ඇය ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැත්තෙන් මේ පැත්තට පනින්නත්, මේ පැත්තෙන් එහාට පනින්නත් අවශ්‍ය වෙන්නේ බුලත් හුරුල්ලක් පමණි.
කවුද කැමති වහල් යුගයට. පවුල් හෝ තනිපුද්ගල ආධිපත්‍යයට එරෙහි ප්රජාතන්ත්රවාදී ශ්රීලනිපයක් හදමු. අන්තිමට නඩු තියෙන අන්තිම දූෂිතයෝ පොහොට්ටුවට ඉතිරිවේවි. මෛත්‍රි ඔබ අපට දුෂ්ඨ පවුල් පාලනයෙන් නිදහස දුන් රජුය.
හොඳ සන්තෝසමක් ලැබෙන්න ඇති...
මෙතුමිය මන්ත්‍රී පර්මිට් වලට විරුද්ධව හඬනගන කාන්තාවක්. දැන්වත් මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න.
මෙයා ගිහින් තියෙන්නේ, මෙයාගේ ලැයිස්තුවේ ඔක්කොටම පළාත් ඡන්දේ නාම යෝජනා දුන්නේ නැති කේන්තියටලු. ඉතින් ඒ ලැයිස්තුවට මෛත්‍රි නාම යෝජනා දෙයිද? මූණත් එක්ක තරහට නාහේ කපා ගත්තොත් මොන දේ ලැබුනත් මුක්කම නම් වහ ගන්න බැහැ මේ ආත්මෙටම...
ඔබට ජය පතමි! මුදල් පස්සේ හමා නොගොසින් රටට වැඩ කරමු.
මේ වැඩේ නම් හොඳටම හොඳයි.
වතුරේ ගහගෙන යනකොට පිදුරු ගහත් වටිනවා.