ලක්ෂ 18 ක දුම්වැටි ගෙනත් ලක්ෂයක් දඩකයි
කුවේටයේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (20 වැනිදා) කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බැව් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය. මෙම දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයා 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.