කුෂාන් ජයවර්ධන
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කෙනෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මිය ගොස් සිටි කෙනෙර උස අඩි 8ක් පමණ වන අතර වයස අවුරුදු 22 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. කෙනෙරගේ පියයුරුවලින් කිරි වෑස්සී ඇති බවත්, ඒ අනුව එම කෙනෙර කිරි බොන වයසේ පැටවකු සිටින මව් සතෙකු බවත් වනජීවී නිලධාරීහු පවසති.
වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු කොට්ටහේවා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් කෙනෙරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මිය ගිය කෙනෙරගේ සිරූරේ තිබී ඊයම් උණ්ඩ සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් හමුදාව දාන්නේ නැත්තේ මොකද වනාන්තර ටික සහ සතුන්ගේ ආරක්ෂාවට.
දැන්නම් මේකට දැඩි පියවරක් ගත යුතුයි.
මේ අපරාධකාරයන්ව අල්ලා අවුරුදු විස්සකටවත් ඇතුලට යවන්න.
මොනවද මේ බල බල ඉන්නේ. එක්කෙනෙකුට දෙන්නෙකුට දඬුවම් කරන්න.ඒකටත් අවුරුදු 20ක් විතර යාවි.
පැටියට මොකද වුනේ කියල හොයා බලන්න
මේවා කරන අයට උපරිම දඬුවම් දෙන්නොන. දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරුනොත් හොඳයි.
සති දෙකහමාරක් ඇතුලත ඝාතනය කරපු 6 වැනි හස්තියා.. ඇතුන් හතරක් එක් අලියෙකු සහ එක් කෙනරක්.. ලංකාවට අලි ඇතුන් වැඩි කතාවක් කිවුවා නේද කවුද උන්දැ කෙනෙක්.. මට නම් සාධාරණ සැකයක් තියෙනවා ඒ කියපු උන්දැලාම අතිරික්ත අලි ඇතුන් ඝාතනයට අවි ගත් කණ්ඩායම් යොදවලද කියලා.. ඇතුන් මරලා දලයි, ගජමුතුයි ගන්නවා කියමුකෝ.. ඒත් අලි මරලා මොකටද නැත්නම්..