ලෝක බැංකුවේ සහ කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරලය බලා පිටත්ව ගිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු දූත පිරිස කොචිහි දී එහි ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් හමුවූහ.
අන්තර්ජාතික හා වගකිවයුතු ප්‍රාදේශීය පාලනය පිළිබඳ දැනුම හුවමාරු කිරීම - කේරල අත්දැකීම නමින් සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වූ ඔවුහු දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධ සාකච්ඡාවකට ද එක්වූහ.
කේරල ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම තෙදින වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙක් අයත් වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd