මනෝප්‍රිය ගුණසේකර
අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි.
වර්ජනයට එක්වුවන්ගේ විසඳී නොමැති ගැටළු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කරන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි දුම්රිය රියදුරන් ඇතුළු සියළු කාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක්ද කරයි.
මේ සම්බන්ධයෙන් මානුෂීය අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සියළු පාර්ශව වලින් ඉල්ලීමක් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.