දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයින්ට සේවය හැරගියා සේ සලකන ලිපි නිකුත් කර ඇතත් ඒ කිසිදු ලිපියක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
සෙසු අයගේ සේවය අවසන් කිරීමේ ලිපි මේ වනවිට සකස් වෙමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩු වලිගෙන් පහර දිය යුතුයි....
ලිපිය බාර ගන්නා හෝ නොගන්න එක ඒ ඒ පුද්ගලයාගේ අයිතිවාසිකමක් . නමුත් ලිපිය බාර නොගත්තා කියා ඒ ලිපියෙන් කියා ඇති දේ වෙනස් වෙන්නේ නැහැ . වෙනස් කලයුතුත් නැහැ . 80 ජුලි ගැන තවම අපි කතා කරන්නේ කියපු දේ කරන්න (එහි හොඳ හෝ නරකගැන මම කතා කරන්නේ නැහැ ) ජේ ආර් ට කොන්දක් තිබුන එක ගැනයි .
රටේ නීතියක් නැතිව වැඩ කරන්ඩද දෙන්ඩ හොඳ නැහැ. තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් මිනිස්සුන්ව උගසට තියන්ඩ ඕනේ. දොස්තරලා වගේ උගතුන්ටයි රියදුරු මහත්වරුන්ටයි දෙගොල්ලන්ටම එකම නීතිය තිබිය යුතුයි.
ආණ්ඩුව දැන් තීරණයක් ගත්තනේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කියල. ගත්ත තීරණ විදිහට වැඩ කරන්නේ නැත්තෙ මොකද. තනි තීරණයක් අරගෙන වැඩ කරන්නකෝ. මේකනේ අපේ රටට සිදුවෙලා තියෙන විපත.
මෙම ප්‍රශ්නය කාලයක් තුරා ඇදෙන ප්‍රශ්නයකි. රජය පාර්ශවය දිගටම කලේ ප්‍රශ්නය කල් ගැසිමය වෛද්‍යවරුන්ගේ සයිටම් ප්‍රශ්නය මේ සමග පටලවා නොගන්න, මෙය වැටුප් විශමතා ප්‍රශ්නයකි..
අත්‍යවශ්‍ය සේවයක් බවට බත් වූ විගස වෘත්තීය සමිති අහෝසි වී විසිවී යන බැවින් එවෙන්නවුන් ගැන කතා කිරීමෙන් පලක් නැහැ, අලුත් තරුණ ජවය මනා පුහුණුවකින් රටට එක කිරීමටත් ඒ ඉඩ ලබාදී ගෙදර යවන අයට අපගේ බදු මුදලින් විශ්‍රාම වැටුප් නොගේවිමටත් ඇති අනගි අවස්තාව මේ වෙලාවේ මග ඇරගත්තොත් අපරාදේ ..
ලිපිය දොරේ අලවලා එන්න. නීතියට අනුව බෑ කියන එක වලංගු නැහැ.
මේ කැබිනට් එකේ කාටවත් මතක නැද්ද එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දුම්රිය රියදුරන් මේ වගේ වැඩ වර්ජනයක් කලහම දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කර පොලිසියත් හමුදාවත් දුම්රිය රියදුරන් නිවාසවලින් කැඳවාගෙන ඇවිත් ආරක්ෂක සේවා අධීක්ෂණය යටතේ දුම්රිය ධාවනය කලා .
තරුණයන්ට රැකියා දෙනවට විරුද්ධ ඉතාම කුහක, ආත්මාර්ථකාමී ඉල්ලීම් ටිකක් මේ වර්ජනයට මුල් කරගෙන තියෙන්නේ. අලුතෙන් තරුණයන් නව නීති පද්ධතියක් යටතේ බඳවා ගන්න. ඔවුන් ටික කලකින් හිටපු අයට වඩා හොඳට රැකියාව කරාවී.
දැනට වර්ජනයේ නියැලෙන අයගේ නම් සහ වැටුප් ප්‍රසිද්ද කරන්න. මොකද මහජනතාවට අයිතියක් තියෙනවා ඔවුන්ගේ බදු මුදල්වලින් යැපෙන මෙවන් කාලය කාදමන වර්ජකයන් ගැන දැනගන්න. ලුසේනා
මොනාද මේ කරන්නේ. එක්කෝ මේ ආණ්ඩුව මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙන්න ඕනා එහෙම නැත්නම් වර්ජනය කරන සේරම ටික අස්කරලා දාලා අලුත් සේවකයෝ ටිකක් අරගෙන දුම්රිය දුවන්න ඕනා. දෙගොල්ලෝ දෙපැත්තට කඹ අදිනවා අහිංසක මිනිස්සු රස්සාවල්වලට යන්න කෝච්චි නැතුව දුක් විදිනවා.
සේවයෙන් පහකල ලිපි බාරගත්තත් නැතත් ලිපියෙ අඩංගු කරුණු ක්‍රියාත්මක කල යුතුයි.මොවුන් ඉවත් කොට නව රැකියා දෙන්න.
යුද හමුදාවේ පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදිය යුතුය මෙවැනි අවස්ථාවලදී කැදවීම පිණිස. නැතිනම් පුද්ගලික දුම්රිය සේවයක්ද පවත්වා ගෙන යායුතුය.
සුද්දෝ දුම්රිය රියදුරන්ට locomotive engineers කියල නම දැම්මට එයින් අදහස් වෙන්නේ දුම්රිය opeartors කියන එක මිසක් ඉංජිනේරු කමක් නෙමේ. බොරු නම් සොයලා කරලා බලන්න.
ලුසේනා අපිටත් අයිතියක් තියෙනවා ඔයාගේ අධ්‍යාපන මට්ටම දැනගන්න. අපේ බදු වලින් ඔයා කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා
බාර නොගන්නා උදවියගේ ලියුම් නම්ගම් ඇතිව පත්තර වල පළකර රාජකාරිය කරන්න බැරිද?
මම උසස්පෙළ කලේ 1994 අගෝස්තු වල දී. අපේ උසස්පෙළ විභාගය පටන් ගන්නකොටම දුම්රිය වර්ජය. බොහොම අමාරුවෙන් බට්ටෝ වෑන් වල එල්ලිලා විභාගයට ආවේ. සමහර දවසට විභාගයට ආවේ පැයක් පරක්කු වෙලා .දෙවන වර විභාගයට 1995 අගෝස්තු වල දී ලිව්වා. එතනදිත් අපේ විභාගය සහ අනාගතය ප්‍රාණ ඇපකාරත්වයට දුම්රිය සේවකයෝ පත් කර ගත්තේ වර්ජනය කිරීමෙන්. අපි අමාරුවෙන් ඉගෙනගත්තත් විභාගය හරියට ලියාගන්න නොලැබීමෙන් ජීවිතය ගොඩක් හැල හැප්පීම් වලට පත් වුණා. දැන් ආයෙත් මෙයාල සාමන්‍ය පෙළ සිසුන්ව ප්‍රාණ ඇපයට අරගෙන.
උපාධියක් තියෙන සමහර රජයේ සේවකයකුගේ සියලු දීමනා සහිත මාසික පඩිය රු. 40,000 ක්. ඊට අඩු සුදුසුකම් වලින් බඳවා ගන්නා දුම්රිය ස්ථානාධිපති, රියදුරු වගේ අයට රු. ලක්ෂකට වැඩි වැටුපක් ගන්නවා. මේ විෂමතා නැති කරන්නද මේ ගොල්ලෝ මේ ස්ටයික් කරන්නේ. දොස්තරලත් මෙහෙම තමයි. වැටුප තීරණය කරනේ කරන වැඩේ ස්භාවය අනුවද. කරන වැඩේ අනුවනම් ඔය අත්වැඩ දෙන කම්කරැවෙකුට මාසෙට රු ලක්ෂයක් දුන්නත් මදි.
ලිපිය බාර ගත්තත් නැතත් එය ක්‍රියාත්මක කල හැකියි.
ලියුම් දුන්න කියල මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැනෙ. බොරු වැඩ නොකර ප්‍රශ්න විසදල ඊට පස්සෙත් වැඩ කරන්නෙ නැත්තන් ලියුම් දෙන්න.
මොවුන් සේවයෙන් ඉවත්කර අලුත් සේවකයින් බඳවා ගැනීම වහාම කල යුතු දෙයකි. නැතහොත් තව වර්ජනයක් අතළඟ. පොදු ජනතාව ,පාසල් ළමුන් අසීරුතාවයට පත් නොකළ යුතුයි........