(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කල්තබන ලද විවාදය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම විවාදයේ කථික ලැයිස්තුවට ඇතුළත් වූ කිසිදු මන්ත‍්‍රීවරයකු පැමිණි නොසිටියෙන් රැස්වීමේ කටයුතු අවසන් කිරීමට ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය.පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 11.28 දක්වා පැවැති අතර ඉන්පසු මද වේලාවකින් පෙරවරු 11.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්විය.
එහිදී සභාපතිවරයා විවාදය ආරම්භ කිරීම සඳහා ප‍්‍රථමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නම ප‍්‍රකාශ කළ අතර ඔහු නොසිටි බැවින් අනෙකුත් කථිකයින්ට පිළිවෙළින් ආරාධනා කළේය.
එහෙත් සභාපතිවරයා නම් සඳහන් කළ ආණ්ඩු පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේද කිසිඳු මන්ත‍්‍රීවරයකු සභා ගැබ තුළ නොවිණි.
සභාපතිවරයා සඳහන් කළ කථිකයින් අතර එස්.එම්. චන්ද්‍රසේන, මයන්ත දිසානායක, රවින්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, චතුර සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන සහ අමිර් අලි යන මහත්ම මහත්මීහු වූහ.
මෙම විවාදය ඊයෙ පෙරවරු 11.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවානේද, රටේ මුලික නීතිය සකස් කිරීම ගැන මේ අයගේ තියෙන උනන්දුව? මේ අය ඔතනට යැව්වේ ඇයි කියලා, හැමදාම උදේට මතක් කරන්න ක්‍රමයක් කවුරුහරි හැදුවොත් නරකද?
ඔන්න පේනවා නේද මෙයාලට අපේ රට දියුණු කරන්න තියෙන උනන්දුව. තව තවත් මෙයලටම ඡන්දෙ දීල රටේ අනාගතේ දීප්තිමත් කරමු.
දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් සඵල වී ඇති බැවින් තව දුරටත් රැස්වීමේ අවශ්‍යතාවයක් නැතුව ඇති.
ප්‍රශ්න කතා කරන්න අවස්ථාව ලැබුණාම එන්නේ නැහැ හැබැයි වර්ජන කරන්න ඉන්නේ. පුදුම රටක්.
ඕකට සහභාගි වුනා කියලා කරන දේකුත් නැහැනේ.
ඔන්න අපි ඡන්දෙ දීල අපිට සේවය කරන්න ඇරපු කට්ටියගේ තරම. අයෙත් යවනවද?
අනේ අපේ සල්ලි...
දැන් ඕනෑම ආයතනයක ..සේවා ස්ථානයක පැමිණීමේ ලේකනය අත්සන් කරන්න ඕන......නැත්නම් ඇඟිලි සලකුණු තියන්න ඕන ...රටේ ලොකුම තැන ඒවා නෑ.පුදුම අවාසනාවක් මේක .එහෙනම් අනිත් සියලුම ආයතනවල ඒවා අයින් කරන්න ....HR එකක් නැත්තේ ඇයි පාර්ලිමේන්තුවේ ..කාටද පැනීම නොපැමිණීම සම්බන්දව වග කියන්නේ ...
මොකටද මේ මිනිස්සුන්ට මහජන මුදල් නාස්ති කරන්නේ?
රටක තීන්දු තීරණ ගන්නා වැදගත් ස්ථානයක් වන මෙහි අදාල මහජන නියෝජිතයන් පැමිණ නැත.මේ වගේ " හිවල්ලුන්ද , බුරුවන්ද " ජනතාව විසින් තම නියෝජිතයන් ලෙස පත්කරගෙන ඇත්තේ ?????? මුන් සියල්ලෝම පිනට කෑමට සහ උපරිම වරප්ප්‍රසාද සහිතව සුපිරි ජිවිත ගත කරන්නේ රටේ ජනතාවගේ අහිංසක මුදල්වලින් නොවේද ???
ආවත් ඉතින් වැඩක් නැහනේ අඩුවට කාලා නිදි කිරලා කුණු හරපයක් දෙකක් කියලා යනවනේ එන්නේ නැතුවම දිගට ගෙදර හිටිය නම් හොදයි..............
මෙම සභාව ඇත්තේ කීප දෙනෙක් සහ ඔවුන්ගේ හිතෛශීන් අතලොස්සකගේ, ආර්ථික, මානසික හා කායික අවශ්‍යතා බහුතර ජනතාවගේ කෝපයට ලක් නොවන ලෙස සපුරලීම සදහා පමණි. ගෙඩිය කඩා ගෙන කන පින් ඇත්තෝ අපට ලෙලි විසිකරන විට එකිනෙකා පරයමින්, මරා ගනිමින් පොරකන උන්ට මේ වෙන සන්තැසිය ගැන කිසි නිනව්වක් නැත. ජාතිය, ආගම, පාසැල, පන්තිය, කුලය, ප්‍රදේශය වෙනුවන් අප බෙදී මරා ගන්නේද, වෛරයෙන්, ක්‍රෝධයෙන් හා විටෙක සීලයෙන්, සමාධියෙන්, හිස බිමට බරවී ඇති නිසාවෙන් මදක් ඉහල බැලු විට දැක මනා, අප රූකඩ මෙන් නටවන අත් අපට නොපෙනේ.