(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.
මැතිසබය ඊයේ (11) පෙරවරුවේ රැස්වී පනත් හා නියෝග කිහිපයක් සම්මත කරගත් අතර ඉන්පසුව මැතිසබය ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල්තබන බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය.
රජයේ අය වැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් නොවැම්බර් 9 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව පුරා මාසයකට වැඩි කාලයක් අය වැය විවාද පැවැත්විණ. අය
වැය අවසාන ඡන්ද විමසීම (තුන්වැනි වර කියවීම) පැවැත්වුණේ ඉකුත් 9 වැනිදා සෙනසුරාදයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් වැඩක් නැති එකේ නිවාඩු යවන එක හොඳයි. කෑම වියදමවත් ඉතුරුවෙයි.
වැඩක් කරලා නිවාඩු ගත්ත නම් කමක් නැහැ. මේ අයට හැමදාම නිවාඩු. පුදුම රටක්
කොහොමටත් රට සහ ජනතාව වෙනුවෙන් කැප වෙන නිසා, දීර්ඝ නිවාඩු අවශ්‍යමයි. නැත්නම්, මෙයාලට ඔක්කොම අමතක වේවි. රවී කරුනානායකටත් එකනේ වුනේ. උදේ 7ට ගෙදරින් පිටවෙනවා, රාත්‍රී 11න් පසුව ගෙදරට යන්නේ. එතරම් රට වෙනුවෙන් කැප වෙලා, මහන්සි වෙලා වෙඩ කළා. අවසානයේ තෑගි වශයෙන් තමන්ට ලැබිච්ච කොටි ගණන් වටිනා නිවසත් අමතක් වුණා.
අනේ වාසනාවන් අපගේ මුදල් වලින් යහමින් පිනට කකා බිබී ඉන්න මේ " කට්ටිය කෙටිකලකට හරි නිවාඩු යනවා කියන්නේ කීයක් හරි රටට ඉතුරුවෙනවා.
අනේ ඔව් ඔව් ජනතාව වෙනුවෙන් වැඩ කරලා කතා කරලා ජනතාවගේ දුක බලලා පාර්ලිමේන්තුවේ කොච්චර මහන්සියක් ඇද්ද නේද ?එහෙනම් සේරම සැප ගන්න යුරෝපය පැත්තේ යයි නේද පවුල් පිටින් අහිංසක ජනතාවගේ බදු මුදල් වලින්