(උපාලි රණවීර)
තම හැඳුනුම්පත නැතිවූ බව කියමින් වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පත් අංකයක් ව්‍යාජ ලෙස භාවිත කොට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් සකසාගෙන අවස්ථා දෙකකදී ඉතාලියට ගොස් ආපසු පැමිණි අයකු අද(12) අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි.
නැදුන්ගමුව, බණ්ඩාරවත්ත පදිංචි 63වියේ පසුවන සැකකරු වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත් අංකයක් භාවිත කරමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමග එක්ව ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය සකසා ඇතිබව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉතාලි එන අය බොහෝ දෙනෙක්ගේ මෙවන් ප්‍රශ්න තිබෙනවා.
පලවෙනි පාර කොහොමද ලංකාවෙන් පිටත් වුනේ කියල හොයල බැලුවොත් නරකද ??? හොදටම විශ්වාසයි අඩුම තරමේ රුපියල් ලක්ෂ එකහමාරක් පගාව අරගෙන ලොකු නිලධාරියෙක් මාර්ගෙන් පිටත් වුණා කියලා. හොරෙන් ඉතාලි ගොස් ආපහු ආ අයෙක් අත්අඩංගුවට කියලා ලියලා තියන එක වැරදි. ඇත්තටම මේ පුද්ගලයා හොරෙන් නෙමේ ගුවන් තොටුපලෙන් පිටත් වෙලා තියෙන්නේ, පලවෙනි වතාවේ ඒ උන්න නිලධාරියා එක්කෝ පගාව අරගෙන එහෙම නැතිනම් රාජකාරි හරියට කරලා නැහැ. ඒ ගැන හොයල බලන්න කියල මම ඉල්ලා සිටිනවා,.
පනින්න පෙර සිතා බලන්න කියන්නේ ඕකට තමයි. හැබැයි එක පක්ෂයක ඉඳල තව පක්ෂයකට පනින කොට ඔය න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
වෙන්නප්පුවේ නම් අහන්න දෙයක් නැහැ
මෙතන රටට කෝටි ගණන් අලාබයක් සිදුවී නොමැත. මේ පුද්ගලයා මොන ක්‍රමයෙන් හරි රට ගිය හම්බ කරගත් සල්ලි මේ රටටයි ගෙනාවේ ඒ ගැන හිතන්න. මේ පුද්ගලයා රට ගියේ හරිමන් රස්සාවක් නැති නිසා වෙන්න පුළුවන්. අවශ්‍ය නම් පොඩි දඩයක් ගසා එලියට දාන්න
හොරෙන් හරි යන කෙනෙක් ගිහින් කීයක් හරි හොයාගෙන ආපුවම මොකද වෙන්නේ. අපේ රටේ ගන්න පඩියෙන් මොනවද කරන්න පුලුවන්නේ
සනත් මොකක්ද ප්‍රශ්නේ? වෙන්නප්පුවට කියන්නේ පුංචි ඉතාලිය කියලා. මීගමුවට කියන්නේ පුංචි රෝමය කියලා. යුරෝ විශාල ප්‍රමාණයක් මේ ගම් දෙක නිසා රටට ලැබෙනවා
මිලානෝ, ශාන්ත, වික්ටර්,.... හිරගෙදර වෙන්නප්පුවේ සහ මීගමුවේ අය ඉන්නවා. සමහර අය ඇතුලට ගියේ පිහි ඇනුම් වලට.