3000 ක හොර සල්ලි තබාගත්තාට 10,000 ක දඩ සමග සිර දඬුවම්
රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු තුනක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයකුට වසර 3 1/2ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරයස් මහතා රුපියල් 10,000/-ක දඩයක්ද ඔහුට පැනවීය.