(කාංචන කුමාර ආරියදාස)
කලා වැවේ වල් අලින් 300ක් පමණ දෙනා ගම් වැදී එක රැයකින් වගා බිම් සිය ගණනක් විනාශ කරන බව ගොවීහු පවසති.
කලා වැව් ඉස්මත්තේ සිටින වන අලින් තුන්සීයක් පමණ රෑනක් 12 දින රාත්‍රියේ කැකිරාව හෝරාපොළ මොරගොල්ලාගම ගොවිබිම් කිහිපයකට කඩා වැදී එහි කුඹුරු සහ එළවළු වගාවන් අක්කර සිය ගණනාවක් විනාශ කොට ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
මෙම ගම්මානවල තිබූ වපුරන ලද කුඹුරු ගොයම් පැල බණ්ඩක්කා, මල් ගෝවා ,පතෝල, කරවිල, වම්බටු ,පොල් , ආදී අස්වනු නෙලීමට තිබූ බව බෝග රැසක් ද එක රැයකදී විනාශ වී ඇති බවත් මහවැලි ඉතිහාසයේ මෙවැනි විනාශයක් සිදු වූ පළවෙනි අවස්ථාව මෙය බවත් ගොවීහු කියති.
ගොවින් පෙන්වාදෙන්නේ කලාවැව ඉස්මත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද විදුලි වැට නඩත්තු නොකිරීම නිසා කාලයක් තිස්සේ විදුලි වැට වල් වැදී තිබෙන බවයි. විදුලි වැට ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා වන අලින් මෙම ප්‍රදේශයට කඩා වදින බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කලා වැවේ අලි 300ක් ගොවිබිම් වනසති
naradha Wednesday, 13 December 2017 10:25 AM
මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. සෑම වගා බිමක්ම වට කොට විදුලි වැටවල් ගැසීම ප්‍රයෝගික නොවන දෙයකි. මේ වගා බිම් වනසන අලින් අල්ලා පිට රටකට යැවිය යුතුයි. එසේත් නැති නම් දේශීය වශයෙන් ඒ අය රැක බලාගත හැකි අයට අලින් ඇති කිරීමට අවසර දිය යුතුයි.
sarathWednesday, 13 December 2017 04:59 PM
දෙපැත්තම ගතයුතුයි ,ප්‍රශ්නේ අලින්ට ඉන්න ඇති ප්‍රදේශ වට කරලා වැටවල් ගහන්න ගන්න සල්ලි වලින් බාගයක් පිල්ලි ගහනවා, ඕනෙකමත් තියෙනවනම් මොකක්ද බැරි
MatipahanaThursday, 14 December 2017 07:29 AM
ඔබ ලෝකය ගැන නොදන්නා බව පෙනේ. වගා බිම් වල විශාලත්වය නොව ඒවායේ ඵලදයිතාවය තමයි වැදගත්. බලන්න අපට වඩා සෑහෙන පොඩි නෙදර්ලන්තය ලෝකටයම ආහාර සපයන හැටි. සතුන්ට නිසි ලෙස ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න ඉඩ දිය යුතුයි. අලින්ගේ තැන මිනිසා විසින් අල්ලගෙන ඔවුන්ට යන එන මන් නැති කරලා දැන් ඔබ ඔවුන්ව විනාශ කිරීමටද යෝජනා කරයි. මේ අලි අපිට සම්පතකි. ලංකාවේ ප්‍රධාන අදායම බවට පත්වෙමින් යන සංචාරක කර්මාන්තය රැදී ඇත්තේ අපේ ස්වාභාවික සම්පත් මතයි. අප කල යුත්තේ තව තවත් වනාන්තර වන සතුන් වෙනුවෙන් වැඩි කිරීමයි. තාක්ෂණය භාවිත කොට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීමයි. ගෙවල් හැම තැනම හදන්නේ නැතුව රජය මැදිහත් වෙලා මනා සැලැස්මක් ඇතුව තට්ටු නිවාස සියලු පහසුකම් ඇතිව ජනතාවට ලබා දීමයි. ගම වල තට්ටු ගෙවල් යෝජනා ක්‍රම ඇති කිරීම මගින් වනාන්තර ඉතිරි වේ.
victor Wednesday, 13 December 2017 07:44 PM
කොළඹ අලි ටික දෙනෙක් මුළු රටම වනසනවා .