සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්විණි.
උපාධි ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත උපාධි පිරිනැමීම හා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 හි දක්ෂතම දේශීය සහ විදේශීය නිලධාරින්ට ජය සංකේත ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලංගු මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චි එලවන හැටි ඉගැන්නුවේ නැද්ද?
මගේ දරුවට 5 ශිෂ්‍යත්ව ලැබුණා. විදේශ සේවා ආයතනයෙන් දින කීපයකට පෙර.. මේ වෙනකම් කිසිම මාධ්‍යයක පල වුණේ නෑ එ් වැඩසටහන. අපි රට ඉඳලා එවන සල්ලි ආණ්ඩුවට මදි නිසාද එහෙම වෙන්නේ?
මෙහෙ බොරුවට සම්මාන දෙනවා අනිත් පැත්තෙන් දරුණු කොටියෝ පූස් පැටව් කියලා නිදහස් කරනවා. අනේ අනිච්චං, බොරුව මෙහෙමත් බොරුව කාව රවටන්නද මේ?