ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සදහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති නව බැක්ටීරියාව සමහර මදුරු විශේෂ ද ඇතුලුව ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුළ හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ශරීරිය තුළ ස්වභාවිකව හමු නොවෙයි. “Wolbachia” බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය තුළ ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය නොවෙයි. එය මිනිස් ගහනය තුල ඩෙංගු වෛරසය පැතිරීම සැළකිය යුතු මට්ටමින් අඩු කිරිමට ප්‍රමාණවත් වෙයි.
ඩෙංගු රෝගය පැතිරීම වැළෑක්වීම සදහා “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදිමට මොනෑෂ් විශ්ව විද්‍යාලය කැමැත්ත පළ කර ඇත. ඒ සදහා ඔස්ට්‍රිලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද කැමැත්ත හිමි වි තිබේ. ව්‍යාපෘතිය සදහා මුල්‍යාධාර ලබාදෙන්නේ ඔස්ට්‍රේලියා රජය මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. නමුත් කට්ටිය මෙයට විරුද්ධ වේවි . පුද්ගලික වෛද්‍ය සේවයත්, නිලධාරීන් කොටසකුත්, මෙම වසංගත තත්වය නිසා මුදල් උපයති. පාරවල් වල කොන්ක්‍රීට් කාණු වල වතුර පිරී ඇති නමුත් , මිනිසුන්ට දඩ ගැසීම පමණක් දැනට සිදුවේ.
ප්‍රමාද වුණා වැඩියි කියලා හිතෙනවා. විශාල පිරිසක් දරුවන්, අහිංසක ජනතාව මිය ගොස් තිබෙනවා. අැමැතිලාට උණ ගත්තම ඇමෙරිකාව සිංගප්පූරුවට යනවා.
මා විසින් 2015 නොවැම්බර් 26 දින මේ ගැන දැනුවත් කළා. වසර දෙකකට පසු එය සිදුවෙනවා දැකීම සතුටකි. "ඩෙංගු මදුරුවාගේ කිසියම් වෙනස් කිරීමක් කර මුදාහැරිම මගින් ඩෙංගු රෝගය මර්ධනය පාලනය කිරීමේ අත්හදා බැලීමක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ටවුන්ස්විල් නගරය ආශ්‍රිතව සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටියි. මේ පර්යේෂණ කල විශ්ව විද්‍යාලයේ අපේ අයද සිටින බැවින් ඔවුන්ගේ උදව්වෙන් අපේ රටටත් පර්යේෂණ මට්ටමින් හෝ මේ අත්හදා බැලීම කරන්නට කිසියම් සම්බන්ධකමක් ගොඩනගා ගැනීමට කාට හෝ හැකිනම් උපන් රටට අගනා සේවයකි. සැබෑ ලක් පුතෙකි.
මේ කතා එළියට එන්නේ ඡන්දේ ළඟ නිසායි.