ඩයනා උදයංගනී
ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට එවැනි බඳවාගැනීම් කළ හැකි බව කී බි්රගේඩියර්වරයා යම් අවස්ථාවක ඔවුන්ගේ සේවය අනවශ්‍ය නම් ඉවත් කළ හැකි බව ද ප්‍රකාශ කළේය.
බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ පසුගිය රජය සමයේ කලාකරුවන්ට හමුදාවෙන් වැටුප් දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සත්‍ය ඒවාද යනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් වැඩක්. ඔවුන් රට වෙනුවෙන් ඉදිරිපත් වීම අගේ කල යුතුයි. ඕවා හොයහොයා දඟලන අයට කොන්දක් නැහැ. සුළු සද්දෙටත් දුවලා ගිහිල්ලා ගුලිවෙලා ඉන්න හොරුන් තමයි. බයිලා කාරයෝ...
රටට, ජාතියට, හමුදාවේ රණ විරුවන්ට, ආදරයක් තියෙන කලාකරුවෝ පිරිසක්. ඔයිට වඩා හොඳයි ආත්මය විකුණගෙන කෑවානම්. ඔය ගත්ත සල්ලි යාදෙන්නේ නැහැ. අබාධිත රණවිරුවන්ට, මිය ගිය රණවිරුවන්ට, ඒ අයගේ පවුල්වලට මේ සල්ලි දෙන්න තිබ්බා..
අර්ජුන කමලනාත් කලාකරුවෙක්ද? හමුදාව මෙයාව තක්සේරු කලේ කලාකරුවෙක් ගානට නම් කලාකරුවන් කවුරු කියලද හඳුන්වන්නේ? මනෝලා, ලූෂන්ලා, ගිරාලා, තිරිමාදුර සහ ධර්මප්‍රිය ඩයස් ඇතුළු අග්‍රගන්‍ය කලා කරුවන්ගෙන් පොහොසත් අපේ රටේ කලාකරුවෙකුගේ සේවය මහජන මුදල් ගෙවා මෙවැන්නන්ගෙන් ලබාගැනීම විශේෂ පරීක්ෂණයකට භාජනය කල යුතු දෙයක්. ඔහු කරන කලාවක් නැත. එක්තරා දිවංගත නළුවෙක් යයි සිතා එතුමා අසලින් වත් තියන්න බැරි විදියට එතුමාට අගෞරව කිරීම මොහුගේ කලාවයි.
මගේ දැනීමේ හැටියට හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල්තුමෙක් වෙන්න ඕනෑ.
සාමාන්‍ය දෙයක්නේ, දැන් බලන්න ඉන්දියාවේ දෝනි යුද හමුදාවෙන් වැටුප් ලබන නිලධාරියෙක්, සචින් තෙන්ඩුල්කාර් ගුවන් හමුදාවේ නිලධාරියෙක්, තව බොහෝ දෙනෙක් ඉන්නවා.
එක සාජන් වරයෙක් ලුණු ඇඹුල් එක්ක පිළිතුරු දීලා තිබුනේ මුළු රටේම "මොරාල්" එක නහුතෙටම උස්සල කියලා. වැඩිය කතා කලොත් ගෙදරටම ඇවිත් " මොරාල් " එක උස්සනවා කියලත් කිවේ.
බඳවා ගැනීම යුද්ධයට පසු නේද?
මේ කලාකාරයෝ නෙමේ නලකාරයෝ.. පහුගිය දවස් ටිකේ කෑගැහුවේ හමුදාවෙන් පඩිගත්තේ නැහැ කියලා. හමුදාවගේ මොරාල් එක අප් කරන්න මොනවද කරලා තියෙන්නේ? 2009 ඉදන් 2015 වෙනකන් එක අවුරුදු උත්සවයක් කලාලු.. කලාකාරයෝ කියන්නේ හැමෝටම ආදරය කරන පිරිසකටයි. එක එක දේශපාලකයින් පස්සෙන් යන අයට කියන්නේ බඩගෝස්තරවාදියෝ කියලයි.
ඔයිට වඩා හොඳයි හිඟාකෑවානම්..
කලාකරුවෙක් නෙවෙයි වංචාවෙන් මුදල් ලබාගත් අයෙක්...
රටේ මොන තරම් හොරු හැංගිලා ඉන්නවද?
කිසිම දෙයක් හරියට දන්නේ නැතුව කීදෙනෙක් මෙතන කතා කරලද. ස්වෙච්චා බලසේනාවේ කලාකරුවෝ විතරක් නෙමේ දොස්තරලා , විදුහල්පතිවරු, ගුරුවරු තව ඕනකෙනෙක් ගන්න පුළුවන්.
මේ නළුවෝද එලුවෝද?හෙන චණ්ඩියෙක් වගේ කථා කරේ...
මෙම මනුස්සයා අන්තර්ජාලයේ මදාවි භාෂාවෙන් ප්‍රසිද්ධියේම කියනවා ඔහු තමයි හමුදාවේ මොරාල් එක උස්සලා තියන්නේ සහ ඔහු පඩි ගන්නේ එකටයි කියා. ඉතින් මේ මනුස්සයාට කලාකරු ලේබලයක් යටතේ ස්වෙච්චා කලාකරු නමින් හොර පඩියක් ගෙවන්න පටන් ගත්තෙත් යුද්ධය ඉවරවුනාට පස්සේ නේද? රටේ මුදල් ගෙවා ගෞරවනීය සේවයක් රටේ ප්‍රභලම අංශයකට දෙන්න සුදුසුම පුද්ගලයා මෙයාද? එතකොට රූකාන්තලා කවුද?
එතකොට අර ගයේශල, ඕෂධීල, අමිශල කරපු සේවෙත් විස්තර කලොත් වටිනවා.... මොකද මාසෙකට රු 60000ක් ගානේ අවුරුදු ගණනාවක් ගෙව්වේ රටේ දුක් විඳින ජනතාවගේ බදු සල්ලි නිසා