තරිදු ජයවර්ධන
පාසලේදී සිදුවූ අපයෝජනයක් ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළේයැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වැරදිකාරිය කළ කොළඹ මහානාම විද්‍යාලයයේ සංගීත ගුරුවරියගේ විනය නියෝග වහාම අහෝසි කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කළේය.
අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවකට ප්‍රකාශයක් කළැයි අධ්‍යාපන අමාත්‍යංශය මුලින්ම ඇගේ වැඩ තහනම් කළ අතර ඉන් පසු විනය පරීක්ෂණයක් පවත්වා ඇය වැරදිකාරිය කර තිබිණි. ගුරුවරියගේ වැටුප් වර්ධකයක් අත්හිටුවීම, මසකට රුපියල් 1250 බැගින් රුපියල් තිස් දහසක මුදලක් වැටුපෙන් අය කර ගැනීම සහ වෙනත් පාසලකට ස්ථාන මාරු කිරීම යන විනය නියෝග අමාත්‍යංශය ලබා දුන් අතර එයින් පළමු විනය නියෝග දෙක පමණක් අමාත්‍යංශය ක්‍රියාත්මක කළේය.
ඇය වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණු අතර ඇගේ වැඩ තහනම නීති විරෝධී බව මීට වසරකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
කෙසේ වෙතත් ගුරුවරියට එරෙහි විනය නියෝග අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගුරුවරිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනාවක් කළ ද එම අභියාචනාව රාජ්‍ය සේවා කොමිසමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරයට අභියාචනයක් කළාය.
එම අභියාචනය විභාග කළ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය ඇයට එරෙහි විනය නියෝග ඉවත් කරන ලෙසත්, අත්හිටවූ වැටුප් වර්ධකය ලබා දෙන ලෙසත්, වැටුපෙන් කපා ගත් මුදල් ආපසු ගෙවන ලෙසත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරියකට නීතිය එසේ කියාත්මක කලද? මගී ජනතාව උගසට තියමින් කරන දුම්රිය වර්ජනයට කුමන නීතය කියාත්මක කෙරීමක්ද? ප්‍රවාහන ඇමති නිදි ?
ඉතාම හොඳ තීරණයක්...
වචන දෙකක් නැහැ . සුපිරි............
මේක පුදුම රටක්නේ. අපයෝජනයට ලක් වෙච්ච කෙනාටනේ දඬුවම් කරලා තියෙන්නේ.
ෂුවර් එකටම අපයෝජනය කල කෙනාටනම් තවම කිසිම දඩුවමක් නැතිව ඇති.
වැරැද්දක් සගවන එකද හරි නැතිනම් ඒවා සමාජය හමුවට ගෙනත් ඒවා නිවැරදි කිරීමද හරි? සත්‍ය කවදා හෝ ජයග්‍රහණය කරනු ඇත.
මෙම ගුරුමහත්මියට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට නිර්දේෂ කළ බලධාරීන්ගේ වැඩ තහනම් කළ යුතුය.
විනය නියෝග කල අයට එරෙහිව දඬුවම් පැමිණවිය යුතුය.
මේක තමයි ලෝකෙම තියෙන අපාය. රජ කාලෙ නම් උතුම් රටකි. දැන්නම් අධර්මිෂ්ඨ, පාපකාරී දේශපාලක හොරු වැජඹෙන රටකි.