(විනීතා එම්. ගමගේ)
විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප‍්‍රමාණය පමණක්වත් රැක ගැනීමට ජාති ආගම් භේද වලින් තොරව සියලූ මට්ටම්වල ජනතාව එක් විය යුතු යැයි ප‍්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප‍්‍රකාශ කළේය.
මේ වනවිටත් විල්පත්තු ප‍්‍රධාන වනාන්තරයට අත තබා නැති බව සැබෑ නමුත් එහි ආරක්ෂාව වෙනුවෙන් ඇති අධි ආරක්ෂිත වනාන්තර අවසන් වෙමින් පවතින්නේ යැයි ද රන්දෙණිය මහතා කීය.
පරිසරය වෙනුවෙන් පෙනී සිටින විට ජාතිය, සංස්කෘතිය, භාෂාව යන සියල්ල පරිසරයම පමණක් යැයි කී රන්දෙණිය මහතා මේ මහා විනාශයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ යැයි ද ඔහු කීවේය.
රන්දෙණිය මහතා මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවනාගාරයේ අද(13) පැවැති විල්පත්තුව වෙනුවෙන් අපි සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
රංගන ශිල්පීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, සඳුන් විජේසිරි, දුලිකා මාරපන, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ, රුවන් වික‍්‍රමසිංහ, කුමාර රණේපුර සහ ඉසුර ගිල්ෂාන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාටවත් කරන්න බැරි දේවල් කොහොමද මෙයාල කරන්නේ?
ඇයි රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා නේද?
මේ සෙට් එක තමයි අරලිය දන්සලේ යාවජීව සාමාජිකයෝ. මහින්ද මහතාට කඩේ ගිහින් දැන් ආයෙත් සුපුරුදු සෙල්ලම පටන්ගන්න යන්නේ. එදා මහින්දගේ කාලේ විල්පත්තුව විනාශ කරද්දී බුදියන් හිටියද? දැන් එනවා ආයෙත් කොහේ හරි රිංගලා මුදුනෝ වෙන්න.
මේක මෙයාලා අද ඊයේද දැකලා තියෙන්නේ? මේ කලා කාරයෝද? නලා කාරයෝද?
ඡන්දේ කිට්ටුයිනේ... මෙතන බහුතරයක් මහින්දට සහයෝගය දක්වන පිරිස. අපි දන්නා තරමට 2013 මහින්ද තමයි ගැසට් කරලා විල්පත්තුව දුන්නේ.
මහින්දගේ නලා කාරයෝ සෙට් එක ඡන්ද ප්රචාරක ව්‍යාපාරය පටන් අරගෙන. ඒ් අයට පළාත් පාලන මැතිවරණය පටන් ගන්න කොට විල්පත්තුව පේන්න පටන් අරගෙන.
බලය, ධනය වෙනුවෙන් පෙනී සිටින විට ජාතිය, සංස්කෘතිය, භාෂාව යන සියල්ලම කබරගොයත් තලගොයා වෙන පරිසරයක් තමයි රඟපාන්න ඕනෑ...
මහින්දගේ කාලේ මේ කට්ටිය හැමදාම වගේ හිටියේ අරලියගහ මන්දිරේ නේ. එදා විල්පත්තු විනාශය ගැන කතා කළා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැනේ.