නිමල කොඩිතුවක්කු
පළාත් පාළන මැතිවරණයේදී ඒ ඒ පළාත් වලට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් තීන්දුවක් ගන්නා බව දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
ඇතැම් දිස්ත‍්‍රික්ක සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරඟ කිරීමට මේ වනවිටත් එකඟතාවයට පැමිණ ඇති බවද අමාත්‍යවරයා ලංකාදීපයට අද (13) පැවසීය.
එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ නොකරන දිස්ත‍්‍රික්ක සඳහා දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය ලෙස ඉනිමඟ ලකුණින් තරඟ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
පලනි දිගම්බරන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් කම්මරු ජාතික පෙරමුණ, අධ්‍යාපන රාඡ්‍යය අමාත්‍ය රාධා ක‍්‍රිෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ සහ මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ පක්ෂ ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ හැමදාම කළේ ප්‍රධාන පක්ෂ දෙකට තම ජනතාවගේ ඡන්දය වෙන්දේසි කර තමන්ට වරප්‍රසාද ලබා ගැනීමයි. රටේ ආර්ථිකය නංවන්න දුක්විඳින මේ ජනතාව හැමදාම ලයින් කාමරවල දුක් විඳිනවා.