දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණු අතර එහිදී තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධ නිර්දේශ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට අදාළ කමිටුව දුන් පොරොන්දුවත් සමග තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කළ බවත් මේ මොහොතේ සිට සියලු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව අද දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ පසු හෙට(14) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙන්න වැලක් නැතුව සිටිය ඔබට දොස්තරලාට වගේම බේරෙන්නට සිටියේ කැබිනෙට් අනු කමිටුවයි. මෙතැන් සිට ඔබලාට අනවශ්‍ය අතිරේක කාලවලට ආදායම් මාර්ග නැතිවේවි කියා අප බලාපොරොත්තු වෙමු. එසේම පසුගිය කාලයේ ඔබලාට සිදුවූ පුද්ගලික අලාභය ගැන සිතා ඔබ වැඩට පැමිණිය බවක් අපට හැඟේ.
වෛද්‍ය නිලධාරි සංගමය කිසිම පිහිටක් වුනේ නැනේ මෙයාලා නම් එයාලට කඩේ ගියා. යන්තම් නාගෙන ඉවර වුණා. තව පොඩ්ඩෙන් පයිලට් ලා වෙන්න ගිහින් නාගත්තා වගේ නාගන්නවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය වර්ජනය කලේ වැටුප් වරදක් ගැන නෙමේනේ... සහායකයින් උසස් කරන්න එපා කියලනේ. දැන් පදේ වෙනස්කරලා හරි ශේප් වෙන්න බලනවා වගේ. ඒ වුණාට මේ පාර වෘත්තීය ගෞරවය අනාගත්තා. එක එක පක්ෂවලට කඩේ යන තරමට වෘත්තීය සමිති බාල වුණාම ඔහොම වෙනවා.
සේවයෙන් අස්කරනවා කියල දුන්නු ලියුමට මොකද වෙන්නේ?
මෙතරම් විශාල පඩි ගන්න, නිවාඩු ගත යුතු කාලයේද අතිකාල සේවයේ යෙදී, අයුතු ලෙස මුදල් හම්බ කරන මේ අය නැවතත් මෙලෙස අසාධාරණ ලෙස වර්ජනය කලොත් ගත හැකි ක්‍රියා මාර්ග දැන්ම අධ්‍යයනය කරන්න. හමුදාවේ කොටසකට දුම්රිය පුහුණුව ලබාදීම සාර්ථක වේ යයි මම සිතමි.
කොන්දොස්තරලා දොස්තරලාට සපෝර්ට් කලාට දොස්තරලා කොන්දොස්තරලාට සපෝර්ට් කරන්නේ නැත. මේ අය ඉල්ලන් කා ගත්තා... එක එක පක්ෂ වලට කඩේ යන්න ගිහින්. හමුදාවට ඉන්දියාවේ දුම්රිය ට්‍රේනින් දෙන්න යන එක නම් හොඳ වැඩක්. අතිකාල සේවය වෙනුවට කොන්ත්‍රාත් පදනමකට අලුත් අය සේවයට යොදන්න. මින් රැකියා අවස්ථා වැඩිවේ.
හරිම අසාධාරණයි. එතකොට දුම්රිය රියදුරන්ට විතරද ලක්ෂ 2 ට වැඩ වැටුප් ලබන්න පුළුවන්.. කොන්ද පණනැති ආණ්ඩුවක් මේක නම්..
රේල්වේ වෘත්තීය සමිති දින 6ක් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ගියා. රජය ඔවුන් එය නතර කරන තුරු කිසිම පිළිතුරක් නෑ. (අත්‍යාවශ්‍ය සේවාවක් කරනු ලැබුවත් කිසිවෙකු එය තකනු නොලැබුවා..) ෙවෙද්‍ය වර්ජනයත් මුළු වසරක් පමණ කරලත්, අවසානයේ ඕනෑ දේ ලබාදී සයිටම් වසාදැමුවා.
මේ තත්වය නැවත ඇතිවිය හැකියි. එම නිසා පොදු මහජනයාගේ සුබ සිද්ධිය තකා, හමුදාවේ හෝ යම් පිරිසක් මේ සාමාන්‍ය ජනජීවිතයට අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව පවත්වාගෙන යාමට පුහුණු කරන්න.
ජය වේවා දුම්රිය මහතුන්ට !!! සියලුම ඉල්ලීම දිනා ගන්න ලැබේවා.!!!
ආණ්ඩුව පෙරලලා ඉවරද?
ලෝකේ හෙමින්ම ඇවිදින රස්සාව ලංකාවේ ස්ටේෂන් මාස්ටර් කියලා ජපනෙක් මා එක්ක කිව්වා.
මගේ යාලුවෙක් හිටියා දුම්රිය රියදුරෙක්.. ගම ගම්පහ රේල් පාරේ යාලුවෙක් දැක්කාම කෝච්චිය නවත්තනවා. බීලාමයි එලෙව්වේ. දුම්රිය රියදුරන් වැඩි හරියක් බීමට ඇබ්බැහි වුණු අයයි.
පවතින හැම ආණ්ඩුවක්ම මේ සමිති ඉදිරියේ දන නමනවා. මේක හරි කරුමයක් ජනතාවට... මේ අය පඩිය ගන්නේ රටේ මජනයාගෙන් අයකරන බදු මුදලින්... මේ බඩගෝස්තරවාදීන් හැමදෙයක්ම කරන්නේ තමන්ගේ වාසියට.. පුළුවන්නම් ජනතාව වෙනුවෙන් වර්ජන කරපල්ලකෝ... මොනවා වුණත් අපි හදපු යහපාලන ආණ්ඩුව දැන් අපටත් කරුමයක් වෙලා.. ඇමතිතුමා ඕක කරන්න බැරිනම් දෙන්න පොඩි ළමයෙකුට...
දෙසැම්බර් මස 09 වෙනිදා කොළඹ කොටුවෙන් උදේ හතට මාතර බලා පිටත්වීමට තිබූ දුම්රිය 14 වෙනිදා උදේ 7.30 ට මාතර බලා පිටත්වනු ඇත. එය දින 5ක් ප්‍රමාදවී 3 වැනි වේදිකාවට දැන් පැමිණෙනවා ඇත. මාතර දක්වා ඇති සෑම දුම්රිය සංඥා කණුවක් ළඟම නවත්වනවා ඇත.
මින් පසු දුම්රිය වර්ජනය ඇති වුවහොත් රේල් පීලි ගලවලා යකඩවලට විකුණමු.