දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණු අතර එහිදී තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධ නිර්දේශ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට අදාළ කමිටුව දුන් පොරොන්දුවත් සමග තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කළ බවත් මේ මොහොතේ සිට සියලු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව අද දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ පසු හෙට(14) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.