ගයාන් අමරසේකර
ලොව විශාලතම කෘතීම නත්තල් ගස නිර්මාණය කරමින් තැබු ගිනස් වාර්තාවේ පිරිනැමීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වන ලදි.
ඉකුත් වසරේ නත්තල නිමිත්තෙන් අඩි 236 ක් උසැති මෙම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදි කෙරිණි.
මෙම නත්තල් ගස ඉදි කිරිම සඳහා මූලික වී කටයුතු කළ එවකට වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා එම ගිනස් වාර්තාව සඳහා ලද සහතිකය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගිනස් වාර්තා ඉස්සරහට එන්න තියනවා. විශාලතම බැංකු හොරකමේ ගිනස් වාර්තාව.
අපේ රටේ ජනතාව නොයෙක් ආකාරයේ දුක් ගැහැට රාශියකට ලක්වෙලා සිටිනවිට මෙවැනි ආකාරයේ මහා පරිමාණයේ නාස්තිකාර ක්‍රියාවක් උජාරුවෙන් පෙන්වීමත් ඒවාට යම් ආකාරයේ උඩ ගෙඩි දෙන තවත් පිරිස් සිටීමත් දකින විට ශ්‍රී ලංකාව කවමදාකවත් ඔළුව ඔසවන බවක් නම් සිතා ගන්න බැහැ.
මේ අයට වැඩ නැහැ... කරන්න ඕනෑ මොනවද කියලා මුකුත්ම දන්නේ නැහැ.
මන්ද බුද්ධිකයින්ගේ මොන්ටිසෝරි වැඩ. අර්ථශුන්‍යයි. ඵලරහිතයි. අවිද්යාත්මකයි.
මෙයට වැය කල මුදල් ලැබුනේ කොහොමද? වාර්තා පිහිටීම් කල යුත්තේ රජයක් විසින් නොව,සාමාන්‍ය වැසියෙකු හෝ වෙළද සමාගමක්ය.
දැන් ඉතින් අපිට මොනවයින්ද අඩු? සොමියේ ඉන්න පුළුවන් ගිනස් වාර්තාව දිහා බල බලා.
මටත් හිතෙනවා අර ප්‍රංශේ පන්සලක් දාගෙන ඉන්න හාමුදුරුවෝ කියපු කතාව කියන්න .(ආයෙත් නම් ලංකාවේ උපදින්න එපා කියලා)
අනුර ඔබ හරි ...අපේ රට ගොඩ ගන්නනම් නැවත සුද්දටම රට බාරදිය යුතුය ....මේ නාකි ඉහද පනුවෝ දන්නේ හොරකම් කරමින් රට ආපස්සට අරන් යන්නය් ..
රටක ධනයෙන් වැඩි ප්‍රතිශතයක් දේශපාලකයන් වෙනුවෙන් යන එකම රට ලංකාව කියල පෙන්නුවම එකටත් ගිනිස් වාර්තාවක් ගන්න පුලුවන්වෙයි.
මේ වගේ වැඩ බලාපොරොත්තු වෙන ලක්ෂ 62 ලංකාවේ ඉන්නවා.........
මේ වගේ ගොන් තකතීරු ජාතික නාස්තියක් නරඹන්න ගිය එවුන්ට ගස් බැඳලා තලන්නයි වටින්නේ.
රාජ්‍යය නායකයෝ මෙහෙම පිස්සු කෙලින රටක් මම අසා නැත. දැන් තමයි හිතෙන්නේ අර තාප්ප කඩාපු සුදු වෑන් යවපු අයට රට ගැන මොන තරම් කැක්කුමක් තිබ්බද කියලා. අනේ ආපහු එන්න ඇවිත් මේ කොමඩි නාටකය නවත්වා ඉස්සර තිබුන තැනටවත් මේ රට රැගෙන යන්න. එතැන මීට වඩා හොඳයි. මිනිස්සු අත මුදල් ගැවසුනා, ව්‍යාපාර ක්‍රියාත්මක වුණා, කටුක වුනත් රට රටක් වශයෙන් ගමනක් යන බව දැනුණා.
මීට වැඩ හොඳ නැද්ද ලෝකේ ලොකුම අන්තඃපුරය හාබර් එක අස්සේ අැටෙව්වා නම්...
ඇමතිතුමා ඔය පිස්සු වැඩ නැතිව හරියට තෙල් ටික බෙදන්න.
හොර උප්පැන්න, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර පවා හදාගෙන රට සවාරි ගැසූ ඇමතිවරුනුත් හිටපු අපේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" මෙවැනි වාර්තාවක් හදන එක අපේ අයියලාට මහ කජ්ජක් ද ? පහුගිය නත්තල් කාලේදී නම් කිවුවා මේ තුත්තිරි ගහ නියම වෙලාවට හදා ගන්න බැරි උන නිසා ගහේ අවසාන කොටස කොළඹ ගාලු මුවදොර පිටියේ තනනිල්ල මත මුහුදු සුළං වැදෙමින් තිබුණා කියා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන කියන්න මට වඩා දැනුමක් ඇති අය කොළඹ ඉන්නා නිසා ඒ ගැන හොට දමන්න මම කැමති නැහැ ! නීති විශාරදයෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන කලින් හොයා බලා මේ සහතික පත් ප්‍රදානයට පැමිණෙන්න ඇතැයි මා විශ්වාස කරනවා ! ලොව විශාලතම කෘතීම නත්තල් ගස නිර්මාණය කරමින් තැබු ගිනස් වාර්තාවේ පිරිනැමීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වන ලදි. ඉකුත් වසරේ නත්තල නිමිත්තෙන් අඩි 236 ක් උසැති මෙම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදි කෙරිණි. මෙම නත්තල් ගස ඉදි කිරිම සඳහා මූලික වී කටයුතු කළ එවකට වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා එම ගිනස් වාර්තාව සඳහා ලද සහතිකය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්විය.