ඩයනා උදයංගනී
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත් ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි.
මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට දීමට එරෙහිව වෘත්තීය සමිති පවරා ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින බවත්, එහි තීන්දුවක් ලැබෙන තුරු තෙල් ටැංකි සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තම සංගම්වලට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට අගමැතිවරයා එම පොරොන්දුව කඩ කරමින් තෙල් ටැංකි 99 අවුරුද්දක් සඳහා බදුදීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
රටට අවශ්‍ය සම්පතක් වන මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට ලබාදීම ජාතික අපරාධයක් බවත් මේ සම්බන්ධව සියලූ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මහින්ද බදු දුන්නොත් නරක නැහැ. රනිල් දුන්නොත් නරකයි.
ටැංකි නෙවේනේ ප්‍රශ්නේ. ආණ්ඩුව තවදුරටත් පවතින එකනේ. ඉතින් වර්ජනය නවතින එකක් නැහැ.
මෙහෙම තර්ජනය කරන්නෙ මේ අයව මෙහෙයවන බලවේග ආණ්ඩුවට වඩා බලවත් නිසා.
මෝඩ කතා කියන්න එපා.......... කව්රු රටට වින කලත් එකට නැගී සිටින්න ඕන. මහින්දත් කරානම් රනිල් රටට කෙලියත් කමක් නෑ කියන මෝඩ අදහසේ ඉන්න එපා. කලින් මොකෙක් මොකක් කලත්, ඉස්සරහටත් ඒ දේම කරන්න දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවට ආදරය කරන්න. දේශපාලුවන්ට කඩේ යන්නේ නැතුව.
අත්‍යවශ්‍ය සේවාවක් වූ මෙහි වෘත්තීය සමිති තියෙන්නේ කොහොමද ? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් පොලිසියේත් වෘත්තීය සමිති ඇති වෙලා ත්‍රිවිද හමුදාවත් බෙදිලා යයි .කොන්ද පන නැති පාලකයෝ
දැන් මේ තෙල් ටැංකි ටික මෙච්චර කාලයක් නිකන් දිරායමින් තිබුණ මෙයාල මොනවද කලේ.ඕකට තමයි ජනවහරේ කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියල.
මේ සංස්ථාවේ මිනුස්සු ඔය තෙල් ටැංකි වලින් මොනවද කරන්නේ කියල මුකුත් දන්නේ නැහැ. කවුරු හරි මොනවහරි කරන්න හදනකොට ඒකට කෑගහන එක ව්තරයි කරන්නේ.