ඩයනා උදයංගනී
 
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත්  ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි.
 
මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට දීමට එරෙහිව වෘත්තීය සමිති පවරා ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින බවත්, එහි තීන්දුවක් ලැබෙන තුරු තෙල් ටැංකි සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තම සංගම්වලට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මේ වන විට අගමැතිවරයා එම පොරොන්දුව කඩ කරමින් තෙල් ටැංකි 99 අවුරුද්දක් සඳහා බදුදීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
 
රටට අවශ්‍ය සම්පතක් වන මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට ලබාදීම ජාතික අපරාධයක් බවත් මේ සම්බන්ධව සියලූ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු කීවේය.