ඥානසාර හිමියන් ගැන නීතිඥවරියගෙන් පොරොන්දුවක්
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය සහතියක් සමඟ ලබන නඩු දිනට අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වන බව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූෂා පේරුසිංහ මහත්මිය අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.