(බී.ජි.චතුරංග)
අනුරාධපුර තිසා වැව වන්දනා පාර ප්‍රදේශයේ පදිංචි මල් වෙළෙන්දෙකුගේ නිවසේ නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු රථවාහන කිහිපයකට අද (14) අලුයම ගිනිතබා රුපියල් ලක්ෂ පනහකට වැඩි අලාභයක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබු බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
අනුරාධපුර පොලිස් වසමේ තිසා වැව, වටවන්දනා පාර, නිරාවිය ලිපිනයේ පදිංචි පී.ඒ.ගුණදාස (64) නැමති මල්වෙළෙන්දාට අයත් දේපල හා නිවසට ගින්නෙන් බරපතල අලාභ හානි සිදුවී තිබේ.
පවුල් ආරවුලක් මුල්කර ගනිමින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ගිනි තැබීමෙන් නිවස අසල ගරාජයේ නවතා තිබූ රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා මෝටර් රථයක් රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් විවිධ වර්ගයේ යතුරුපැදි හතරක් මුළුමනින්ම විනාශ වී ඇති අතර හටගත් ගින්න නිවාස දෙසට ව්‍යාප්ත වී නිවසේ එක් කාමරයකට ගිනි ඇවිලීමෙන් එහි තිබූ වටිනා ගෘහ උපකරණ මුළුමනින්ම විනාශ වී තිබෙන බව පොලිසිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී යුගයක් - යහපාලනයක්. එහෙම නේද පොරොන්දුව. හැබැයි දැන් හැමදාම අපරාධ.
ඔන්න සිංහලයන්ගේ ගතිය පෙන්නුවා...............
ඕවා පුරුදු කලේ පොහොට්ටු කල්ලිය තමයි.