(ඉන්දිකා රාමනායක)
මෝදර ජෝන්වත්තට හැරෙන හන්දියේ මළ ගෙයක සිටි පුද්ගලයකුට ඉකුත් (8) අලුයම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා රණාල ප‍්‍රදේශයේ දී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි.
මොවුන් අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව ඝාතනයට යොදාගත් රිවෝල්වරය හා උණ්ඩ 3 ක් පොලිස් බාරයට ගෙන ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ මෝදර කදිරානේ පදිංචි අජිත් කුමාර (42) නැමැති මාළු ව්‍යාපාරියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොදර පදිංචි (30), (19) යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන්ට එරෙහිව පුද්ගලයින් කිහිප දෙනකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් නඩු විභාග වන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනීමැරුම් නඩුවක් අහල ඉවර කරන්න අවුරුදු 10-15ක් යනවා. සැකකරු මාස 3 රිමාන්ඩ් එකේ තබා ඇප දෙනවා. මිනී මැරුමකට රිමාන්ඩ් එකේ හිටිය නිසා රිමාන්ඩ් එකේදී තව අපරාධකාරයෝ හඳුනා ගන්නවා. කුලියට මිනීමරන්න පටන් ගන්නවා. පරණ නඩුවේ තීන්දුව දෙනකොට අඩුම තරමේ සැකකරු තව මිනී 7-8 වත් මරලා, කරුණාකර අලුතින් උසාවි ඉදිකර හෝ මිනීමැරුම් නඩු මාස 3 ඇතුලත විසඳන්න ක්රමවේදයක් සලස්වන්න.