(අමල් වික්‍රමරත්න සහ නයනදුල සෙන්දනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ.
නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන බව නිලධාරීහු පැවසූහ.
පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම (14) අද දහවල් 12.00 අවසන් වීමත් සමඟ දහවල් 12.00 සිට පස්වරු 01.30 දක්වා විරෝධතා ගොනුකිරිම සඳහා කාලය දී තිබිණ. අනතුරුව නාම යෝජනා පත්‍රවල නිරවද්‍යතාවය සොයාබැලීම තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.
නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93 පළමු අදියර යටතේ නාම යෝජනා පත්‍ර භාර ගැණින. අනෙකුත් පළාත් පාලන ආයතන 248 නාමයෝජනා බාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.
මෙවැනි පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාර දීය නොහැකි බව අද(14) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා ලබාදිමේ අවස්ථාවට සහභාගි වෙමින් විදුලි බල හා පුනර්ජනණිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහාතා ප්‍රකාශ කළේය.
“කළුතර සභා පහකට අද දින නාමයෝජනා බාරගත්තා. පොහොට්ටුව කයිවාරු ගැහුවේ කළුතර ප්‍රාදේශිය සභා 17 ම උඩින් දිනනවා කියලා නමුත් අද පෙන්නුම් කළා ඔවුන්ගේ බැරිකම“
“පොහොට්ටුව නාමයෝජනා බාරදීපු ලයිස්තු පහෙන් දෙකක් (අගලවත්ත ප්‍රාදේශිය සභාව සහ පානදුර නගර සභාව) දෙකම මුලිකව ප්‍රතික්ශේප කරලා තියෙනවා . අයදුම්පතක් වත් නිසිලෙස පුරවගන්න බැරි පක්ෂයක්. එහෙම පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාරදෙන්න පුළුවන්ද“ යැයි විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදිමේ අවස්ථාවට සහභාගි වෙමින් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගැහුවට වැඩ නම් පොදුයි වගේ...
නාම යෝජනා හරියට ඉදිරිපත් කරන්න බැරි අය කොහොමද පරිපාලනය කරන්නේ?
ඔන්න රජයේ පටන් ගැම්ම... දැම්මම අකුලා ගන්න. බොරු සෝබන.
නිකන් කයිවාරු ගහන්න එපා මහත්තයෝ. අපිට මතකයි එක වරක් කොළඹට දුන්නු එජාප නාමයෝජනා රිජෙක්ට් වුණා.
හොඳ පෙරනිමිත්තක්... මෙන්න ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය
කොහොමත් මහරගමින් ඔය අයව කැපෙන්නයි හිටියේ. දැන් වැඩේ ලේසියෙන්ම වෙලා.
එක්සත් ජාතික පක්ෂයෙන් ඔක්කොම ඇවිල්ලානේ.. ඒවා ප්‍රතික්ෂේප වෙයිද... නෑනේ !!
එක අතකින් මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ... මොකද කවුරු කවුරුත් කරපු දේවල් අපිට මතකයි.
මට සහතිකයි. ඔබතුමා බණ්ඩාරගම පරදිනවා.
මේ අගමැතිගේ කුමන්ත්‍රණයක් වෙන්නැති ... නේ..
ඇත්තටම හරියට නාම යෝජනා පත්‍රයවත් සකස් කර ගන්න බැරි අය කොහොමද ගමක් පාලනය කරන්නේ?
සේරගෙන්ම කැපෙනවා, නාමල්ට සහ ජීඑල් ට පුළුවන් නඩු කියන්න. කුහකකමට කල්ලියක් අල්ලාගෙන රටම වහලුන් කරන්න. අායෙමත් ඒක පුද්ගල සංදර්ශන බලන්න අපි නම් කැමති නැහැ. පුද්ගලයින් රටට ඔබින කාලයට ගැලපෙන කලයුතු දේ කලා කියලා අප ඔවුන් දේවත්වයට පත්කල යුතුවත්, ඔවුන්ගේ හෝ පවුලේ වහලුන් විය යුතුවත් නොවිය යුතුය. සැවොම නිවහල්ව සිතන්න පුද්ගලයෙකුගේ හෝ පවුලක වහළුන් නොවන්න.
ශ්‍රී ලංකා එකට වාසිසහගත ප්‍රධාන නගරසභා කිහිපයක පොහොට්ටුව විසිවුණා . නැගෙනහිර පළාතේ කිහිපයක ශ්‍රී ලංකා එක විසිවුණා . බදුල්ලේ තැනක දෙගොල්ලෝ එකතු වෙලා ඉල්ලනවා . මහරගම නාමයෝජනා විසිවුණාට ඒ කට්ටිය එතරම් කලබල වුණු බවක් පෙන්න තිබුනේ නැහැ . නැගෙනහිර කට්ටිය බොහොම දුකෙන් පක්ෂයට චෝදනා කළා තමන්ට තිබු අවස්ථාව නැති කළා කියලා. බදුල්ලේ දිලාන් ස්වාධීන නාම යෝජනාත් දුන්නා. මේවා අහබු සිදුවීම් ද? නැතිනම් ඊලග නමයෝජනා වලට කලින් සිදුවන පෙරළියක පෙරනිමිතිද ?
මෙයාලට හරියට නාම යෝජනාවක් වත් හදාගන්න තේරෙන්නේ නැද්ද?
හරිම දුකයි. පිපෙන්නත් ඉස්සරවෙලා පරලොව ගිහිල්ලා.
අපි දන්නවා ඕකට ෆෘට් නෝට් 1ක්...........