(කාංචන කුමාර ආරියදාස)
මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් හෙට (15) විරෝධතා ක්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි.
ජනතාවට හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම බව පවසා ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමරිකාවේ ආයතනයකට බාරදී රට තවත් ණය උගුලක පැටවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකර දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.
මේ ක්‍රියාවලිය නතර නොකළ හොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඇති රක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් මෙමගින් පැන නගින බවයි. රටේ ඇති පැරණිතම දෙපාර්තමේන්තුවට අතතියන්නට රටේ ජනතාවට හැර විදේශිය කිසි කෙනකුට නොදෙන බවත් එහි වගකීම කර මතට ගෙන රටේ සියලු ප්රගතිශීලි ජනතාව සමඟ එළියට බහින බවත් විරෝධතාවේ දී කදුළු ගෑස් ගසා හෝ පහරදී ඉවත් කිරීමට නොහැකි බවත් ඇතැම් විට ලේ වැගිරීමක සිදුවීමට ඉඩ තිබෙන බවත් ඔහු කීවේය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මොරාල් සපෝට් එක ලැබෙනවා. ඔබලාගේ වැඩ වර්ජනවල ප්‍රතිඵල මේගොල්ලන්ට ලැබෙන්නේ අවුරුදු කීපයකින්. එතකොට ඒවා නිවැරදි කරන්න බැහැ.
ඕක අපේ රටේ තියෙන සම්පත් වලින් කරන්න ගියොත් අවරුදු 40 වගේ යනවා දන්න විදියට. ඒගොල්ලෝ අවරුදු 2-3 කරනවා කියල තියෙන්නේ. මුදලට වඩා කාලය ගොඩක් වටිනවා. හැමදේටම තේරුමක් නැතුව විරුද්ධ වෙන එක දැන් රැල්ලට ගිහින්.
ලංකාවෙ මිනින්දෝරුවන් මේ වැඩේට අවුරුදු 45 ක් ඉල්ලනව.ඕටී බටා ඉල්ලුමකට මෙයාල වලිකන්නෙ .මේ රට හදන්නෙ කවදද? මේ වැඩේ නැවැත්තුව කියල අපේ රටේ ණය අඩු වෙනවද?
පාර්ලිමේන්තුවත් ඇමරිකාවට දීලා ඔළුගෙඩි සුද්ධ කරලා දෙන්නකියමු..........
දෙපාර්තමේන්තු මිනින්දොරුවන්ට බටා කියා ජාතියක් ලැබෙන්නේ නැත. ඇමරිකන් කාරයා ගත්තත් යොදවන්නේ ලංකාවේ මිනින්දොරුවන්ය. මෙතැන සිදුවී තිබෙන්නේ මිනින්දොරුවන්ගේ හිඟයක් තිබීම සහ බලයලත් මිනින්දෝරුවන් මෙම වැඩයට දායක වීමට අකමැති වීමයි. අකමතිවීමට හේතුව තම අතින් කම්කරුවන්ට වැටුප් ගෙවාගෙන, අනෙකුත් වියදම් දරාගෙන ගමක් මැන නිම කරනවිට ලක්ෂ 2-3 වියදම්වී ඉවරය. නමුත් අදාළ මැනුමට රජයෙන් මුදල් ලැබෙන්නේ අවුරුදු 3-4 කින් පසුවය. කව්ද හලෝ වැඩක් කර ගාස්තුව ගන්න අවුරුදු ගණන් බලා ඉන්න කැමති. උසාවි මනුමක් කරාම පට ගාලා ගාස්තුව ලැබෙනවාය. අනෙක් කොන්තරාත්තු වලට වගේ වැඩක් පටන්ගැනීමේ ගාස්තුවක් ගෙවන්නේ නැත.
අපේ රටේ මිනින්දෝරුවන් ලෝකයේ වෙනත් මොන රටක මිනිදෝරුවන්ට වත් දෙවැනි වන්නේ නැහැ.වරද වෙලා තියෙන්නේ ඔවුන් මේ රටේ මිනින්දෝරුවන් වීමයි. මෝඩ අහංකාර දේශපාලුවන්ට කොමිස් කෙලින්න අමාරුයි, අපේ වෘත්තිකයන් සේවයේ යෙදවීමෙන්. මේක ජාතික කරුමයක්. රේල්වේ ඉංජිනේරුවන් සිටියදී, මෙහෙ වැඩට රට ඉංජිනේරුවන් ගෙන්වීමත් ඔය වගේ තමයි. 1800 වසරේදී ආරම්භ කරපු, මේ දක්වා රටට අද්වීතීය සේවයක් කරපු, අභිමානවත් දෙපාර්තමේන්තුවක් විනාස කිරීමටයි, මේ අර අඳින්නේ. දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් පමණක් නොවෙයි, විශ්‍රාමිකයන් පවා, පන්ති භේදයකින් තොරව මේ අමන අදුරදර්ශී පියවරට විරෝධය දැක්විය යුතුයි!