(කාංචන කුමාර ආරියදාස)
ලොව රටවල් 174 ක් අතරින් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂ ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරුපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.
මෙසේ පැරිස් නුවර පැවතී නිරූපණ ශිල්පී තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේ පදිංචි ජනුක රාජපක්ෂ මහතායි.
පසුගිය 13දා ලංකාවට පැමිණි ඔහු අද(14) ගමට පැමිණි අතර ප්‍රදේශවාසීන් මෙන්ම වෙළෙඳ ප්‍රජාව එක්ව ඔහු උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතන ගියත් රාජපක්ෂ ලා දිනනවා මයි.
ජනුක පුතණුවන්ට අපගේ උත්තමාචාරය!
මේ දේවල් වලින් දේශීයත්වයට හානි වෙනවද මන්දා. එක්සයිස් කළාම බටහිර පෙනුමක් එනවා නේද? සිංහල පෙනුම මැකෙනවා.
ජනුක රාජපක්ෂ ඔබට අපගේ ප්‍රණාමය... අපේ මව්බිමට ඔබ මේ ගෙනදුන් කීර්තියට රට වැසියන් වන අපි ඔබව ඉතා සාදරයෙන් පිළිගනිමු..
රාජපක්ෂ කෙනක් වුණත් ජනුක නම් එහෙම කෙනෙක් නෙමෙයි කියලයි..., මම නම් හිතන්නේ...