(උපාලි ආනන්ද)
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප්‍රදේශයේ වාරිමාර්ග විධායක ඉංජිනේරුවරයකු සහ පොල්පිතිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් අත් අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසිය මූලික විමර්ශන අරඹා ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින පළමු සහ දෙවන සැකකරුවන්ගෙන් දීර්ඝව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වූ කරුණු ඔස්සේ මෙම සැකකාර වාරි ඉංජිනේරුවරයා සහ විහාරාධිපති හිමි නම රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමට නියමිතය.
දැනට සැකකරුවන් නව දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. ග්‍රාම නිළධාරින් තිදෙනෙක් ද ඒ අතර වෙති. තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසට නියෝගයක් ඉල්ලා මෙම සැකකැවන් දෙදෙනා අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 12 වැනිදා කැදවූ අවස්ථාවේ සිට එය කැදවන ඉදිරි සෑම නඩු දිනයකම පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය සොලියුස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයකි. දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල නඩුවකට පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු මහේස්ත්‍රාත් අධිකරණයක පෙනී සිටින මෑත ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුල ඉදලම හිටිය ස්ථාවරය හරි ගමේ මිනිස්සු ඔය සතා මරනවා නම් මරන්නේ මීට කලින් පිටස්තරයෙක් අවශ්‍යතාවය..... ඔයවගේ දේවල් කරන්නේ මොකද දල දෙකක ගමේ මිනිස්සුන්ට ගිනි තපින්නද අනෙක ගමේ මිනිස්සු ඔය සතට ආදරෙයි...
නීතිපති දෙපාර්තෙමින්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු මහේස්ත්‍රාත් අධිකරණයක පෙනී සිටින මෑත ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද මෙයයි. එසේනම්, ඇයි අනේ රටතුළ දැනට ආන්දෝලනයට සහ විවේචනයට ලක්වෙලා තිබෙන, නඩු කිහිපයට මේ දෙපාර්තුමේන්තුව තවමත් අසමත් සහ මන්දගාමී? පැහිදිලිවම මෙතන දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා.
මොන තනතුරක් දැරුවත් කමක් නැ..ජාතික සම්පතක් විනාශකල නරුමයන්ට උපරිම දඩුවම දෙන්න ඕන දැඩි නියගයේදී දුක් විදගෙන කෑම හොයාගෙන.අැස්නොපනි අහිංසකව ජිවත් උන සතා ඇත් රජුනි නුබට නිවන්සැප ලැබේවා ........
මේක බෞද්ධ සහ උගත් සංහිදියාවේ උපරිම අවස්ථාවක්ද ? මේ කහපාට කබායවල් කරේදාගෙන , ඉන්න බුද්ධ පුත්‍රෙයා් සහ උපධිධාරීන් එකතුවෙලා කලයුතු වැඩද ... ?
මේක සිංහල බෞද්ධ රටේ හැමතැනම පන්සල් එළිවෙනකන් බණ ..... අනේ මන්දා
පසුගිය ආණ්ඩු කාලයේදී මේක සිදු වුනානම් මේකටත් මහින්ද තමා අහු වෙන්නේ. දල හොරකම් කලා කියලා
චීවරධාරීන්ට චෝදනා විදේශ කුමන්ත්රණයක ප්රතිඵලයකි.
මේ කතාව ඇත්ත නම් චූදිතයෙක් බවට සැක කරන්නේ චීවරධාරී "විහාරාධිපති හිමිනමක්" වීම ලැජ්ජා විය යුතු කාරණයක් ! සාමාන්‍ය ගිහියෙක් පවා සමාදන් වන පන්සිල් වලින් එක පදයක් පන්සලේ ලොකු උන්නාන්සේම කඩල තියෙන්නේ මුදල් තණ්හාව නිසාද ? මෙයාට කියලා අපි කොහොමද පන්සිල් ලබා ගන්නේ ? හිටපු රෙජීමයේ කට්ටිය වගේම මේකේ සමහර අයත්... "තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසට නියෝගයක් ඉල්ලා මෙම සැකකැවන් දෙදෙනා අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ." බයේ කකුල් වෙවුලමින්, හීන් දාඩිය දමමින් මේ සැකකරුවන් දැන් සිටම අධිකරණය ඉදිරියේ දනින් වැටී සිටිනවා !!! මොවුන්ට හූ කියලත් මදි !!!
තරාතිරම නොබලා දැඩි දඬුවම් දියයුතුයි.. මෙය මිනීමැරුමකට සමාන දඬුවම් දියයුතුයි. හැකි ඉක්මණින් අලි ඇතුන් ඝාතනය මිනීමැරුමක් සේ නීතිගත කලයුතුයි. අලියා අපේ සම්පතක් එය රැකීම... රජයේ, රටවැසියාගේ, මාධ්‍යයේ වගකීමක්.
දැන් මේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තත් මේ රටේ මහා බෞද්ධයෝ කෑ ගහයි බටහිර වුවමනාවට හාමුදුරුවරු හිරේ දානවා කියලා.
ඇතිතරම් ඇත් දළ විතරක් නොව, ඇත් පැටව් විතරක් නම් නෙමෙයි, අලි තොග පිටින් පිටරටට වික්කා... විස්තර ඕනද .?
මේ ජාවාරම් පිටිපස්සේ රාජපක්ෂවරුත් ඉන්නවද....?