(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වා ඇති ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු තත්ත්ව පරීක්‍ෂාවේදී අසමත් වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පළමු පරීක්ෂණය අසමත් බැවින් එම තෙල් තොගය දෙවැනි තත්ත්ව පරීක්‍ෂාව සඳහා යොමු කරන බවයි.
කෙසේ වෙතත් ගුවන් යානා සඳහා කිසිසේත්ම බාල තෙල් වෙළඳපලට නිකුත් නොකරන බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙට්ට්‍රික් ටොන් 10,000ක් වන එම තෙල් තොගය මේ වන විටත් දෙවන තත්ත්ව පරීක්‍ෂාව සඳහා යොමු කර ඇතැයි ද ලේකම්වරයා ලංකාදීපයට පැවසීය.
එහි ප්‍රතිඵලය ලැබුණු පසු මෙම තෙල් තොගය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කී ලේකම්වරයා මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ ඉන්දියන් තෙල් සමාගම විසින් බවට පළවන වාර්තා තමන් ප්‍රතික්‍ෂේප කරන බව ද කීවේය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන නෞකා දෙකක් ඇනවුම් කර ඇති බවත්, ඉන් එකක් මෙය වන අතර මෙට්ට්‍රික් ටොන් 20,000ක අනෙක් නෞකාව ද මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇති බැවින් ගුවන් යානා ඉන්ධන හිගයක් කිසිසේත් ඇතිනොවන බවත් මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කියන රට ලංකාවටත් වැඩිය හොර ගුහාවක්. ඉන්දියාව එක්ක බිස්නස් කරනවානම් බාල බඩු වලට පුරුදු වෙන්න ඕනේ.
අනේ අර ත්‍රිකුණාමලේ නවතා තිබු බාල IOC තෙල් නැවට මොකද වුණේ.
හෙට උදේ වෙනකොට සමත් වෙලා තියේවි. ගුවන් යාන වල යන මගීන්ට දෙවියන්ගේම පිහිට සහ ආරක්ෂාව ලැබේවා !
"කෙසේ වෙතත් ගුවන් යානා සඳහා කිසිසේත්ම බාල තෙල් වෙළඳපලට නිකුත් නොකරන බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය." ඒ කියන්නේ වාහන සඳහා බාල තෙල් නිකුත් කරනවා කියන එකද?
අකටයුතු ලෙස මෙම ඉන්ධන අනුමත කළහොත් එය ලංකාවට ඉතාම කැළලක් වෙන්න ඉඩ තියෙනවා. ලංකාවට රුපියල් කෝටි ගණනක විදේශ විනිමය නැති වී යනු ඇත. ගුවන් යානා ඉන්ධන කියන්නෙ සෙල්ලම් පෙන්වන, දේශපාලන ගැතිකම් වලට තීන්දු දෙන, පගා සහ අතයට දීමනා වලට අනුමැතිය දෙන භාණඩයක් නොවේ. මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර නිවැරදි තීරණයකට එළඹෙන්න.
පළමුව ශ්‍රීලන්කන් නම් එපා..! හොර ගුහාවකින් ඉපිද නඩත්තුවන මේ ආයතනයේ වගකීම කුමක්ද? අපිව පැය ගණනාවක් අහස්කුසයේ නිරුපද්ධිතව තබාගන්න මෙයට නම් ලන්සුවක් දෙන්න එපා.
ඉන්දියාවෙන් තෙල් ගෙන්නන්නේ ඉන්දියාව තෙල් නිෂ්පාදිත රටක්ද? එහෙම නැතිනම් කොමිස් කාක්කන්ගේ පරාදිසයක්ද? මේ මොන ගේමක්ද?
බුදුදහම හැරෙන්නට ඉන්දියාවෙන් ලැබුණ හැම දෙයක්ම මේ රටට අහිතකර බාල දේවල්ය. 13 වන සංශෝධනය, ත්‍රී වීලර්, ත්‍රස්තවාදය මේ හැම බාල දෙයක්ම ලැබුනේ ඔය කියන ඉන්දියාවෙන්ය.
අනේ අපෙත් ලක්ෂ 62 කට ඔනේකර තිබෙනවා දෙන්න පුලුවන්ද? බැරිනම් අඩු ගන්නේ 225 කටවත් දෙන්න පුලුවනිද?
දැන් ගුවන්යානා පෝලිමේ ඇවිත් තියෙන තෙල් ටික ඔක්කොම ගහගනිද හිටන් .
ලෝකය දැන් විශ්ව ගම්මානයක් නේ..බැරිද ඔය තෙල් පරික්ෂා කරන්න ඉන්දියවෙදීම..අපේ කට්ටියගේ සහභාගිත්වයෙන්..
බාල තෙල් ගහල ගුවාන්යනා කඩන් වටුනොත් පෙට්‍රොලියම් එකට වන්දි ගෙවන්න වෙයි....
ඉන්දියාවෙන් දුන්නොත් දෙන්නේ බාල දේවල් තමයි. ඒ නිසා රජයේ විදේශ ප්‍රතිපත්තිවලදී පරෙස්සම් විය යුතුයි.
දැන් ප්ලේනුත් තෙල් පෝලිමේ ද ?
මේක ගෙනාවේ ඉන්දියන් තෙල් සමාගමෙන් කියල කියන්නේ අර හිටපු කෙනාට කඩේ යන සමිති නායකයා.
මුන්ට ඕනේ ලංකාව සතු ව්‍යාපාර මේ අය අතටම ගන්න. දැන්ම ඉදලම ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන අලෙවිය බිදවට්ටල , මත්තල ගුවන් තොටුපල ඔව්න්ට ලැබුනම ඒ හරහා මේ ව්‍යාපාර කරගෙනයන්න පුළුවන්. මොවුන් නේපාලයටත් කලේ ඕකම තමයි. අද නේපාලයටත් මුවුන්ගෙන් යැපෙන්න වෙලා තියෙන්නේ නේපාලයත් මේ කපටි වැඩ වලට අහුවෙච්ච නිසා.
අනේ මන්ද ඉන්දියාව නැතුවම වැඩක් කරන්න බැරි ද හිටන් ??
පහුගිය සති කීපයේම මම මගේ වාහනේට පුරවපු ඉන්ධන පෙට්‍රල් ( Octain 95 ) වලට භූමිතෙල් හෝ එවැනි දෙයක් කලවම් වෙලා තිබුණා. කොහුවල, මහරගම, දෙහිවල ඉන්ධන පිරවුම් හල් වලින් තමයි මිලදී ගත්තේ.
පළමු පරීක්ෂණයෙන් අසමත් ඒ කියන්නේ දෙවැනි තුන් වැනි පරීක්ෂණ වලදී හරි යයි අත මිට මොලොපුවාම නේද.අනික් කොයි රටේද අනේ මේ ඉන්දියාවෙන් තෙල් ගන්නේ තෙල් නිපදවන රටවල් තියෙන්නේදී.එක්කෝ සිංගප්පූරුවෙන් ගනී අනේ මන්දා............
කරුණාකර අපේ රටට අවශ්‍ය තෙල් සපයන්න ප්‍රමාණවත් තෙල් පිරිපහදුවක් අපේ රටේ ඇති කරලා බොරතෙල් ගෙන්වල අපිට අවශ්‍ය විදිහට හොදින් පිරිපහදු කරගමු . ඉන්දියන් බදු ගැනනම් විශ්වාසයක් තැබිය නොහැක .