හර්ෂණ තුෂාර සිල්වා
කොළඹ ලෝක උරුමය නගරයක් ලෙස හඳුනාගත යුතු බව ලෝ ප්‍රකට සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පිනි අභා නරායින් ලම්බා ‘සජීවී උරුම’ සමුළුව අමතමින් පැවැසුවාය.
යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කර්යාල එක්ව සංවිධානය කරන ලද ‘සජීවී උරුම’ සමුළුව අමතමින් අභා නරායින් ලම්බා ඒ බව කීවාය.
උරුමය පදනම් කරගත් සංවර්ධනය යන ප්‍රධාන තේමවා යටතේ ඓතිහාසික උරුම ආරක්ෂා කරගනිමින් නගර සංවර්ධනය කරන්නේ කෙසේද යන විෂය ක්ෂේත්‍රය ආවරණය කරමින් කොළඹදී ඊයේ (13) සහ අද (14) මෙම සමුළුව පැවැත්විණි. කොළඹ පිහිටි ඉපැරැණි හෝටලයක් වන ‘ග්‍රෑන්ඩ් ඔරියන්ටල්’ හෝටලයේදී සමුළුව පැවැත්විණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අභා නරායින් ලම්බා මෙසේ ද කීවයා.
“කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි. අනාගතයේදී දවසක එය වනු ඇතැයි මා අපේක්ෂා කරනවා. කොළඹට ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනවා. වික්ටෝරියානු සම්භවය සහිත ගොඩනැගිලි මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පවලින් සමන්විත ගොඩනැගිලි ද කොළඹ තිබෙනවා. ලෝක උරුමයක් සඳහා හඳුනාගැනීමට බොහෝ දේ කළ යුතුව තිබෙන බව ද කිව යුතුයි. ඒ වගේම ජෙෆ්රි බාවාගේ නිර්මාණවල විශිෂ්ටත්වය එම ගෘහ නිර්මාණ ශිල්පය ද ඇගයීමට ලක්විය යුතුයි”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක උරුම නෙවේ.. කරුම කියලයි හඳුනාගන්න තියෙන්නේ..
"ලෝක කරුමයක්" කියලා නම් කරයි කියලයි බයේ හිටියේ.
එතකොට කොළොඹ නගරය සුළු ජාතීන්ට උරුම නගරයක් ලෙසත් සටහන් වේවිද? එහෙම වෙනවානම් අපිට ඔය කොළඹ ලෝක උරුම තත්වය එපානේද?
හමබයෝයි, දෙමෙල්ලුයි වැඩි වුණාම ඕක ලෝක කරුමයක් වෙනවා.