ආරක්ෂක ලේකම් - යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී ත්රස්ත ප්රහාරවලට ලක් නොවී ඊට සම්බන්ධ සෙසු ක්රියාකාරකම් වලදී ආබාධිත තත්ත්වයන්ට පත්වු අයට අවුරුදු 55 තෙක් වැටුප් සහ දීමනා ද, ඉන්පසු විශ්රාම ගැන්වීමේ හිමිකම් ද අහිමි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාට ලබන සඳුදා (22) ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.