ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී එච් අයි වී ආසාධිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.
වර්ෂ 2025 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කරමු සහ කිසි වෙකුත් රුධිර පරීක්ෂාවෙන් බැහැර කළ නොහැක " තේමා කරගනිමින් මෙම පරීක්ෂාව සිදු කළේය..
ලෝක ඒඩ්ස් මර්ධන දිනයට සමගාමීව සිදු කළ මෙම පරීක්ෂාවට කාන්තා සහ පිරිමි යන දෙපක්ෂයේ 160 දෙනෙක් ඉදිරිපත් වූහ.
එච්.අයි.වී ආසාධිත බවට සැක සහිත පස් දෙනා අතුරින් තිදෙනෙකු පිරිමි බව ද සෞඛ්‍ය අංශය කියයි.
ඔවුන් පස් දෙනා වැඩිදුර පරීක්ෂාවන් සිදු කිරීම පිණිස ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණෙන ලෙස පෞද්ගලිකව දැනුම් දී ඇති ඇති අතර එහිදී එච් අයි වී ආසාදිතයින් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය පරිදි දිවි ගෙවිය හැකි වාතාවරණයක් සලසා දෙන බවත් එම ලිංගික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මාලනී පතිරාජ මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ රහස්‍ය බව පිළිබඳව තවමත් සහතිකයක් නැතිකම ප්‍රශ්නයක් නේද? බලහත්කාරයෙන් ලේ පරීක්ෂා කරන්නත් බැහැ නේද මානව හිමිකම් නිසා?
හොද ආරම්භයක්, මෙම රෝගය නිවැරදී ප්‍රතිකාර කරොත් පාලනය කරගන්න පුළුවන්. බිය නොවන්න
දහම් මහත්තය කියන්නේ රහස් බාවය හොඳින් රැකදීලා රහසේම මැරෙන්න ඉඩදුන්නනම් හරි කියලද? කාගේවත් කනෙන් ඇදගෙන ඇවිල්ල බලෙන් ලේ ගත්තේ නැහැනේ පරික්ෂාවට, ඒ අය ස්වේච්චාවෙන්ම නේද ලේ දීල තියෙන්නේ පරික්ෂා කරන්න. එවැනි මහගු සේවයක් ජනතාවට කරන නිලධාරීන්ගේ සේවය අගේ කලානම් මොකද?
කලට ප්‍රතිකාර ගත්තොත් මෙය තව දුරටත් භයානක ලෙඩක් නොවේ. ලිංගික අධ්‍යාපනය පාසල් වල අනිවාර්ය කරන්න.
ඉතා හොඳ වැඩක් ! පුළුවන් උපරිමයෙන් ජනතාව දැනුවත් කරන්න. ඒ අතරතුර මෙවැනි වැඩ සටහන් හැකි තරම් කරන්න ! 160 න් 05 ක් යනු ඉතා ඉහල ප්‍රතිශතයකි .(3%)