තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ.
(ඡායාරූප - හැටන් සුදත් එච්.එම්. හේවා)



තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ.
(ඡායාරූප - හැටන් සුදත් එච්.එම්. හේවා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කටින් කියලා වැඩක් නැහැ. අර ජේ .ආර්. ජයවර්ධන මහත්තයා වගේ සේරම අස් කරලා දාන්න. ආයේ නොගන්නම. ඉන්දියාවෙන් හරි ගෙන්වල මහජන සේවය හරියට කරන්න. පින් පඩි ගන්න රටවල් නැති කරන ජාතියක් වෙලා...
මේක ඉතා හොඳ තීරණයක්.
අන්න එහෙම කෙළින් තීරණය ගන්න. නැතිනම් ලංකාවේ තියෙන වැඩවර්ජනත් එක්ක රට හැමදාම වලපල්ලේ..
අන්න හරි. එහෙම කරන්න. ඇමතිතුමා බදුලු දුම්රිය එලවන්න. අනිත් අනිත් දුම්රියවලටත් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු යොදවන්න. එහෙම තමයි සේවක ගැටළු විසදන්න තියෙන යහපාලන ක්‍රමය. ජය වේවා.
අන්න ඔහොමයි කොන්ද පණ ඇතුව රට පාලනය කරන්නේ. වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට වැඩ කරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. සුළු පිරිසකගේ වාසියක් වෙනුවෙන් රටේම මහජනතාව අපහසුතාවයට පත් කරන අනිත් අය ගැනත් මේ විදියටම කළානම් රට හොඳ අතට යාවි...
හොඳ තීරණයක්. සේවකයන් ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ඔවුන් සටන්කළ යුතුය. එලෙසම රජයක් (මොනම රජයක් වුනත්) හැටියටත් එම ඉල්ලීම් පිළිබද සැලකිලිමත් වියයුතුය.එසේ නැතුව මම ඇමතිය මට ඕන විදියට වැඩටික වියයුතුයි යන " ගොන් " නියාය කිසිසේත්ම වලගු නොවන බවත් දැනගත යුතුය.
බලමු කාටද කොන්දක් තියෙන්නේ කියලා... ජේ. ආර්. ට වගේ...
වැරැදි තීන්දුවක්...
දුලීප් ඔයා වැඩකරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේද?
නිමල් සිරිපාල ඇමැතිවරයාට ඕනෑ වෙලා තියෙන්නේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කරලා තමන්ටත් සම්තිං එකක් හොයා ගන්න. මේ වැඩ වර්ජනය ඒකට උඩ ගෙඩි දීමකි.
මින්පසු රජයේ වැදගත් රැකියාවලට, අත්‍යවශ්‍ය සේවාවලට සේවකයින් බඳවා ගැනීමේදී වැඩ වර්ජනවලට සම්බන්ධ නොවීමේ කොන්දේසියක් දමන්න. එය කඩකරනවා නම් සේවයෙන් නෙරපන්න.
ඔය අම්මගේ අප්පාගේ දෙපලද? ඔහොම කරන්නේ කොහොමද?
එ්කාබද්ධයට විරුද්ධව නිදහස් පක්ෂය ගන්න පියවර වගේද දන්නෑ මේකත්.. එහෙමනම් අතහැර ගියාසේ සැලකුවට ආයෙත් ආවම ගන්නවා.
සෞඛ්‍ය සේවයත් මේ විදිහට අත්‍යවශ්‍ය සේවයක් විදිහට ගැසට් කරන්න.
බදු ගෙවන මහජනතාවගේ යහපත සඳහා මේ වගේ කෙලින් තීරණ අරගන්න වෙලාවේවත් මේ අසාධාරණ වර්ජකයින්ම කොමෙන්ට් කරනවා. කවුද අැමැතිද කෝච්චි එලවන්නේ කියලා.. දුම්රිය එලවන එක මහා අමාරු වෙන කාටවත් කරන්න බැරි රාජකාරියක් නොවේ මේ යුගයේ... දුම්රිය රියැදුරු කිවව්ම කරේ තියාගෙන වැඳගෙන හිටියේ සුද්දගේ කාලේ. ඕකට දවසින් ඉන්දියාවෙන් සේවකයින් ගන්න පුළුවන්. ලංකාවේම ආධුනිකයන් පුහුණුව සඳහා ඉංජිනේරු ආයතනයට බඳවා ගැනීමට මේ අය විරුද්ධ වන්නේ කුහක කම නිසා.. ටික දෙනෙකුගේ කුහක, ඉරිසියාකමට රටක ජනතාව වන්දි ගෙවන්න ඕනෑ නැහැ.
වෘත්තීය සමිති තියෙන රජයේ ආයතන සහිත කිසිම රටක් ලෝකයේ සාර්ථක රටක් වෙලා නැහැ. ඔවුන් සමිති හදාගෙන කරගන්න එකම වැඩය තමයි තමන්ගේ රැකියාව ආරක්ෂා කිරීමට සහ දීමනා වැඩිකරගැනීමට සටන් කිරීම.
කෝ මේ සීජීආර් අයියලා. ඉක්මණට එන්න... නෝනලාගෙන් ගෙදර ඉඳන් බැනුම් අහන්නේ නැතුව ඉන්න....
ඔන්න දැන්තමයි ආණ්ඩුව නියමෙට වැඩ කරන්න පටන්ගත්තේ. අනික් සියලුම රජයේ ආයතනත් ඔයවගේ අත්‍යාවශ්‍ය සේවාවන් කරන්න මොකද කම්කරු අයිතීන් මුවාවෙන් දේශපාලන කඩාකප්පල් වැඩ කරන්නේ. රජයේ වගකීම මහජනතාව අපහසුතාවයට පත්නොකොට ජනතාවට හොද සේවයක් සිදු කරන්න .
දීමනා රහිතව ගෙදර අරින්න. බලාගෙන ඉන්න අයට ඉගෙන ගන්නත් එක්ක.
වැඩිපුර පුද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය කරන්න. උපාධි සහ ඩිප්ලෝමා වැඩි වශයෙන් ආයතනවල ඇති කරන්න. ඔවුන්ව රැකියා සඳහා පුහුණු කරවන්න. අනවශ්‍ය අයව ඉවත් කරන්න.
ප්‍රශ්ණ වලට විසදුම් දෙන්නෙ නැතුව සේවකයෝ අස් කරන්නද මේ දේසපාලුවො ඉන්නේ.
අද ප්‍රවාහන ඇමති කියනවා වර්ජකයකුගේ මාසික වැටුප රුපියල් දෙලක්ෂ විසිදාහක්ලු, රජයේ උපාධිධාරී ගුරුවරයෙකුට අද ලැබෙන්නේ රුපියල් තිස්දාහක පමණ මුලික වැටුපක්. මෙහෙම ගියොත් රටේ සෑම රජයේ සේවකයෙක්ම වර්ජනය කරයි වැටුප් විෂමතා කියලා, ලුසේනා
කොහොමත් ලංකා දුම්රිය සේවයේ සේවක ප්‍රමාණය වැඩියි. මේක හොඳ අවස්ථාවක් කට්ටිය අඩුකරන්න සහ අනාගත වර්ජකයන්ට පාඩමක් උගන්නන්න. ගොඩක් කට්ටියට 80 වර්ජනය අමතක වෙලා. හැබැයි මම හිතන්නේ නැහැ ඡන්දයක් ළඟ තියාගෙන දේශපාලකයෝ මේවගේ තීරණයක් ගනියි කියල.
සි.ජි.ආර් එකේ තවමත් තියෙන්නේ වැඩ නොකරන්න නීති. උදාහරණයක් විදියට කෝච්චියක් පළාතෙවත් නැති සි.ජි.ආර් ඉඩමක් ගන්න වෘත්තිය සමිතියෙන්, දුම්රිය සංඥා අංශයෙන් ඇතුළු 13 පලකින් අවසර ගන්න ඕන. ලියුම් යැව්වාට ඒවාට පිළිතුරු දෙන්නෙත් නැහැ. කාර්යාලයේ ලොකු මේස තියාගෙන ඉඩ අහුරගෙන තියෙන්නේ. පාර හදන්නේ කොළඹ කොටුවෙනම් සේවකයෝ එන්නේ මොරටුවෙන්. මොරටුවේ වැඩට සේවකයෝ යවන්නේ කොළඹින්. .
අතිශය අගය කරමි. මෙසේ නොකර රටක් කල නොහැක.
ඉතා හොඳයි. ඒත් ඇයි මෙච්චර පරක්කු. පසුගිය වැඩවර්ජන කරපු දවස්වල මිනිසුන්ගේ අපතේ ගිය කාලය මිල කරන්න පුලුවන්ද?. ඒ පාඩුව පියවන්නේ කොහෙන්ද?